(දියතලාව - ඩී.කේ.රත්න )
සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් හම්බෙගමුව බලහරුව ඌරුහෙළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පතරොම් යොදන ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (7) අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා හම්බෙගමුව බලහරුව ඌරුහෙළ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හතලිස් 43ක අයෙකි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තණමල්විල පොලීසියට බාරදී ඇත.
තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd