IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොරෝනා වලින් රැකෙන්න මුඛ ආවරණ පරිත්‍යාගයක්

(පී.එම්. රාජපක්ෂ)
 
කොවිඩ් 19 කොරෝනා වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මුඛ ආවරණ 10,000ක් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් මහනුවර ගුරුදෙණිය විජය ජන සහන පදනම මගින් ක්‍රියාත්මක කරන බව එම පදනමේ සභාපති හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එව්.එම්. ගාමිණි විජය බණ්ඩාර මහතා පැවසීය.
 
මෙම වැඩසටහන යටතේ නිෂ්පාදනය කරනු ලබන මුඛ ආවරණ මහනුවර දිස්ත්‍රික්කයේ ඉමහා සංඝරත්නය, අ‍නෙකුත් ආගම් නියෝජනය කරන පුජක වරුන් සදහා, රෝහල්, ආරක්ෂක අංශය, ප්‍රාදේශිය ලේකම්කාර්යාල ඇතුළු රජයේ ආයතනය හා ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු යොදා ඇත. අදියර කිහිපයක් යටතේ මුඛ ආණ බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, ගුරුදෙණිය ඩි.ජේ. ගාමන්‍ට්ස් ආයතනයේ ඩොනල්ඩ් දිසානායක මහතා විසින් මුඛ ආවරණ මැසිම සඳහා අනුග්‍රහය ලබා දී ඇත.
 
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගාමිණි දිසානයක මහතාගේ උපදෙස් අනුව සකස් කර ඇති මෙම මුඛ ආවරණ බෙදා දීමේ වැඩසටහන සඳහා පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් මදුපානි පියසේන මහත්මිය, ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩි. විජේකෝන්, තලාතුඔය පොලිස්ථානාධිපති එන්.ඩි. අනුර ක්‍රිශාන්ත යන මහත්වරුන් විසින් සහයෝගය ලබා දී ඇත.

 



අදහස් (0)

කොරෝනා වලින් රැකෙන්න මුඛ ආවරණ පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 30 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site