IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැටබුලාවේ තාවකාලික පාලම කඩා වැටීමේ අවදානමක

(රංජිත් රාජපක්ෂ)                        
 
කොත්මලේ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන කැටබුලාව ප්‍රදේශයේ කොත්මලේ ඔය හරහා ඉදිකර ඇති තාවකාලික පාලම කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් ඒ වෙනුවට ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
 
මහවැලි ගඟට ජලය ගලා බස්නා කොත්මලේ ඔය හරහා ඉදිකර තිබූ ස්ථිර පාලම මීට වසර දෙකකට පෙර නාවලපිටිය ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් කැඩී විනාශ වී ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව එක් වී උණ බම්බු යොදා ගනිමින් තාවකාලික පාලමක් ඉදි කරගෙන තිබිණි. එම පාලමද මේ වන විට කඩාවැටීමේ අවදානමක් පවතින බැවින්  මගී ජනතාවගේ ජීවිතද අනතුරක පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
 
කැටබුලාවත්ත උඩ කොටස, කොලපතන, තලපතන, ගොන්ගාල, පැටගන් යන ගම්මාන රැසක 2,000කට ආසන්න මගී සංඛ්‍යාවක් දිනපතා නාවලපිටිය නගරයට පිවිසමට ඇති කෙටි මාර්ගය වශයෙන් මෙම තාවකාලික පාලම භාවිතා කරති.
 
කොත්මලේ ඔය හරහා ස්ථිර පාලමක් ඉදිකිරීමට රුපියල් එක්කෝටි විසි පන්දහසක ප්‍රතිපාදන වෙන්කරගෙන මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා ටෙන්ඩර් පත් කැඳවා ඇතත් පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් ආරම්භ කර නොමැති බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එස්. මුතුකුමාර මහතා කියාසිටියි.
 
එළඹෙන වැසි සමයට පෙර මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලෙසත්, දැනට ඉදි කර ඇති උණ බම්බු සහිත තාවකාලික පාලම කැඩී ගියහොත් තම ගමනාන්තය දක්වා යාමට කිලෝමීටර් 4 කට වඩා වැඩිදුරක් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුවන බවත් ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (1)

කැටබුලාවේ තාවකාලික පාලම කඩා වැටීමේ අවදානමක

naradha Tuesday, 09 July 2019 09:50 AM

නගරවල ගුවන් පාලම් සාදන එක නවත්වා, ගම් වල තිබෙන මේ ඒදඬු වලට සරල පාලම් සදා දිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site