(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සඳහා ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් බස්රථ දෙකක් යෙදවූ බව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හා කළුතර මහ රෝහලේ අධ්‍යක්ෂක තමර කළුබෝවිල මහතා පැවසීය .
එම බස් රථ දෙක කළුතර සිට හොරණ දක්වා හා කළුතර සිට මතුගම දක්වා ද ධාවනයේ යොදවා ඇත.
උදේ , දවල්, හවස වශයෙන් දිනකට ගමන් වාර තුනක් ධාවනයේ යෙදෙන අතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ,හා කළුතර මහ රෝහල දර්ගා ටවුම රෝහල්වල කාර්ය මණ්ඩලය සඳහා එම ගමන් පහසුකම් යොදවා ඇත .
විශේෂයෙන් කළුතර නාගොඩ මහරෝහලේ රෝගින්ට ඇප උපස්ථාන කරන එම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සමාජිකයන්ගේ සෞඛ්‍යය තත්ත්වය උසස් මට්ටමෙන් රඳවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව අධ්‍යක්ෂවරයා කීය
එම බස් රථ වලට කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් නංවා ගැනීමේ දී සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීමට උපදෙස් ලබාදී ඇතැයි ද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd