


(ඩබ් ඒ පියතිලක)
කවුඩුල්ල වැවේ වාන් දොරටු දොළහෙන් දෙකක් විවෘත කලත් වැවට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවිමෙන් අද (12) දින තවත් දොරටු හතරක් අඩි එක බැගින් විවෘත කළ අතර කළ බව මැදිරිගිරිය වාරි ඉංජිනේරු පි ජි දඹෝරගම මහතා පවසයි.
මේවන විට කවුඩුල්ල වැවේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ හාරසියක් පමණ ඇති බවත් වැවේ තබාගත හැකි සම්පුර්ණ ජල ප්‍රමාණය අක්කර අඩි එක් ලක්ෂ හාරදාහක් පමණ වුවත් පවතින වැසි සහිත කාලගුණ තත්වය හමුවේ වාන් දොරටු දොළහෙන් හයක් අඩි එක් බැගින් විවෘත කර තිබේ.
එයින් තප්පරයට ඝන අඩි 1950ක ප්‍රමාණයක් කවුඩුලු ඔයට මුදා හරින අතර මෙම ඔය ආශ්‍රිතව කටයුතු නොකරන ලෙස වාරි ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd