IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කකුලෙන් ඇද්දොත් පෑන ක්‍රියාත්මක කරනවා

(බදුල්ලේ පාලිත ආරියවංශ)
‘‘බදුල්ල මහ නගර සභාවේ සියළු  දෙනාට මම කියන්නේ හරියට වැඩකරන්න  හරියට වැඩ නොකර කකුලෙන් අදින්න එපා. කකුලෙන් ඇද්දොත් මම මගේ පෑන ක්‍රියාත්මක කරනවා‘‘... යැයි ඌව පළාත් ආණ්ඩුකාර  ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද (24) බදුල්ල මහ නගර සභාවේ කසල කළමනාකරණ වැඩසටහනකට සහභාගිවෙමින් පැවසීය .

ආණ්ඩුකාරවරයා එහිදී මෙසේද කීවේය.

‘‘මම තීන්දු තීරණ ගන්න බය නැහැ. හෙට මේ ආණ්ඩුකාරකම දාලා ගෙදරයන්න කියනවා නම් ඒකත් කරන්න මම ලෑස්තියි.‘‘
‘‘හරිදේ තමයි මම හැමදාම කරනනේ . මට හරි දේ කියන්නේ මොකක්ද ජනතාවට යහපතක් වෙන දේ තමයි හරිදේ කියන්නේ.‘‘
‘‘අපේ අනාගත පරම්පරාව කොහොමද  ආරක්ෂා වෙන්නේ ..අන්න ඒ වෙනුවෙන් කරලා හෙට වුනත් ගෙදර යන්න මම ලෑස්තියි.‘‘
‘‘නමුත් කවුරුහරි ඒ වැඩපිළිවෙලට කකුලෙන් අදිනවා නම්, ඒකට බාධා කරනවා නම් අපිට සිද්දවෙනවා පෑන ක්‍රියාත්මක කරන්න. ඒකත් මට හොඳට පුරුදුයි. තීන්දු තීරණ ගන්න බය  නම් මේ තනතුරුවලට ඇවිල්ලා වැඩකරන්න බැහැ.‘‘
‘‘මම රාජ්‍ය නිළධාරින් සියළු දෙනාටම කියලා තියෙන්නේ ගන්න තියෙන ඕනම තීන්දුවක් ගන්න වගකීම මම බාරගන්නම් කියලා‘‘
‘‘නැතිනම් මේක කරන්න බැහැ. තීන්දු දහයක් ගන්නකොට එකක් දෙකක් වරදින්න පුළුවන්. ඒත් සියයට 80ක  සාර්ථකත්වයක්  තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එවැනි ඕනෑම තීන්දුවකට මම සහයෝගය දෙනවා..‘‘ යැයිද ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය .



අදහස් (0)

කකුලෙන් ඇද්දොත් පෑන ක්‍රියාත්මක කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site