IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආඬියාගලින් අත්බෝම්බයක් හමුවෙයි

 (කුෂාන් ජයවර්ධන)
 
ආඬියාගල මහවීහේන්යාය මාර්ගයේ  අසළින් ගලා යන හැවැන් ඇල්ල ඔය ඉවුරේ තිබී සොයා ගන්නා ලද අත්බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු විසින්  අද (07) සවස කටයුතු කරනු ලැබූහ.
 
ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව එම අත්බෝම්බය සොයා ගෙන තිබිණි.
 
 ආඩියාගල ගලේවෙල මාර්ගයේ මහවීහේන්යාය මාරගය අසළින් ගලා බසින හැවැන්ඇල්ල ඔය ඉවුරේ තිබී එම අත්බෝම්බය සොයා ගෙන තිබිණි.
 
බෝම්බය හමුවූ ස්ථානය ඒ ආසන්නයේ ඇති වගා බිම් සදහා ජලය පොම්පකිරීමට භාවිතාකරන ජනතාව සැරිසරණ ස්ථානයක් ද වේ.
 
පොලිසිය සොයා ගෙන ඇති එම අත්බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත එකක් බව පොලිසිය කියයි.
 
 මින් දින දෙකකට ඉහතදී ද එම ස්ථානයේ තිබී මෙවැනිම තවත් අත්බෝම්බයක් සොයා ගෙන නිශ්ක්‍රීය කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.
කවුරුන් විසින් කුමන අරමුණක් සදහා එම අත්බෝම්බ එම ස්ථානයට රැගෙනවිත් දැමුවේදැයි යන්න සොයා බැලීමට මේවනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
පොලිස් විශේෂ කාරය බලකායේ කුරුණෑගල කදවුරේ නිලධාරීන් පිරිසක් පැමිණ එම අත්බෝම්බය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ජනශූන්‍ය ප්‍රෙද්ශයකදී ආරක්ෂිතව නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරනු ලැබීය.
 
ගල්කිරියාගම පොලිසිය මගින් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.



අදහස් (0)

ආඬියාගලින් අත්බෝම්බයක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site