IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අඟුණකොළපැලැස්ස ගොවීහු විරෝධතාවක

(චන්ද්‍ර සේන ගමගේ )

තම කුඹුරු වලට වතුර ලබා දෙන්නැයි බලකරමින් ගොවීහු පිරිසක් අද (31) දහවල් අගුණකොළපෑලැස්ස මුරවැසි හේන මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක යෙදුණහ.

මා මඩල, බැමිණියන්විල, දෙනිය යන ප්‍රදේශවල ගොවීහු සියයක් පමණ මෙම විරෝධතාවයට එක් වූහ.

අද (31) දහවල් විරෝධතාවයේ යෙදුණු ගොවීහු මුරවැසිහේන මහවැලි කොට්ඨාශ කාර්යලයට පැමිණ එහි කොට්ඨාස කළමනාකාරිවරිය මුණ ගැසී පූදිමින් පවතින තම කුඹුරු වලට ජලය ලබා දෙන්නැයි කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක්  නොලැබුණු නිසා තමන් විරෝධතාවයට එක් වූ බව ගොවීහු පැවසූහ.

විරෝධතා කරුවන් පවසන්නේ පුදිමින් පවතින තම කුඹුරු වලට ප්‍රමාණවත් තරම් ජලය ලබා දීමට මහවැලි නිලධාරීන් අපොහොසත් වීම නිසා කුඹුරු අක්කර 2000 ක් පමණ මේ වනවිට වියලී යමින් පවතින බවයි.

විරෝධතාවයේ යෙදුනු පිරිස් අගුණකොළපෑලැස්ස-වැටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු අතර පැයකට අධික කාලයක් මාර්ගයේ රථ වාහන ධාවනයද ඇන හිටියේය.

 

 



අදහස් (0)

අඟුණකොළපැලැස්ස ගොවීහු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site