IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


20 මුට්ටිය දාද්දිම කුඩු කරන්න විමල් සැරසෙයි


 (කේ බුද්ධික කුමාරසිරි )

’‘මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂය 20 වැනි  සංශෝධනය පිළිබදව කිසිවක් කියන්නේ නැහැ. කෙටුම්පත පාර්ලිමේන්තුවට එනකම් කිසිවක් නොකියා ඉන්නයි තීරණය කරලා තියෙන්නේ. 20 වැනි සංශෝධනය කියන යකා ආපුවාහම බලලාම යකා හොදද නැද්ද කියල තීරණය කරන්නයි දැන් ස්ථාවරය වෙලා තියෙන්නේ.

ඒත් 20 වැනි  සංශෝධනය කියන යකා ඔක්කොම නැටුම් ටික නැටුවට පස්සේ තමා වේදිකාවට එන්නේ.  ඒ නිසා අපේ තීරණය නම් මුට්ටිය දානකොටම කුඩු පට්ටම් වෙන්න ගහන්න උවමනායි කියන එක’’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඊයේ (01) කඩුවෙලදී පැවසීය
 
’‘ 20 වන ව්‍යවස්ථා සංශෝධන මර උගුල තේරුම් ගනිමු පරදවමු ’’ මැයෙන් කඩුවෙල මහ නගර සභා ශ‍්‍රවණාගාරයේදී ජාතික නිදහස් පෙරමුණේ පලාත් පාලන මන්ති‍්‍රවරුන්ගේ ජාතික හමුව පැවැති අතර එම අවස්ථාවේදී පැමිණ සිටි පිරිස අමතමින් මන්ති‍්‍රවරයා එසේ පැවසීය
 
එම අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා 
 
‘‘ කවුරුහරි 20 වැනි  සංශෝධනයට පක්ෂයි කියනවා නම් ඒ අය කුමන කඳවුරක සිටියත් මේ කුමන්ත‍්‍රණයේ හවුල්කරුවෝ වෙනවා .අපි අනිවාර්යෙන්ම 20 වන සංශෝධන පරාජය කළ යුතුයි. මේ ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කළ යුතුයි. අර ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච 16 දෙනා ආඩපාලි කියන අය ඉන්නවා අපේ කඳවුරේ. හැබැයි ඒ 16 දෙනා අපේ පැත්තට එන එක ගැන සුභවාදීව බලන්න උවමනායි. ඒ ගැලවෙන්නේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලයයි. ඒ 16 දෙනාට ‘‘සංචාරක කුරුල්ලන් ’’ කියමින් මේ ආඩපාලි කියමින් හදන්නේ අනියමින් ආණ්ඩුවේ උවමනාවන් සපුරාලීමයි .ඒ 16 දෙනාට අමතරව තවත් 6 දෙනෙකු අපි ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු උවත් මේ විදිහට සමච්චල් කිරීමෙන් ඉතිරි හය දෙනා අපේ පැත්තට ගන්න බැරි වෙනවා’’
 
 ‘‘ පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් මේ රටේ ඡන්ද දායකයින්ගේ ඉතා පිරිසිදු බෙදුම් ඉරක් පෙන්නුම් කලා ඒක රජයට පක්ෂ සහ රජයට විපක්ෂ වශයෙන් යනුවෙන්. ඒත් දැන් ජනතා විමුක්ති පෙරමුණෙන් ගෙන 20 වැනි සංශෝධන මගින් ඉදිරියේදී ජනාධිපතිවරණය සමඟ ජනමත විචාරණයක් සිදු වෙනවා. එහිදී 20 වැනි සංශෝධනයට පක්ෂයි කියා ඡන්දය පාවිච්චි කළොත් පැහැදිලිව රජයට පක්ෂව සහ විපක්ෂව ඇති වී තිබෙන බෙදුම් ඉර රජයට කැමැති ආකාරයෙන් ඇදිය හැකි බෙදුම් ඉරක් බවට පත් වෙනවා.  එය විපක්ෂයට බොහෝම අවාසිදායකයි එය කඩා වැටෙන්න යන ආණ්ඩුවට ගහපු මුක්කුවක් බවට පත් වෙනවා’’ 
 
‘‘කවුරුහරි කියනවානම් 20 වැනි   සංශෝධනයට පක්ෂයි කියා ඒ කියන්නේ ආන්ඩුවට පක්ෂයි කියලයි මේ රට වනසන රට බෙදන්න හදන රට  විකුණන්න කුරුමාණන් අල්ලන තක්කඩි දේශ ද්‍රෝහී ආණ්ඩුවත් එක්ක එකට හිට ගන්න කියලයි ඒ කියන්නේ.  මේ 20  වැනි  සංශෝධනය ගෙන එන ජනතා විමුක්ති පෙරමුණ  මේ දේශ දෝහී හවුලට මුට්ටිය අල්ලන්න මාර්ගයක් හදා ගන්නයි මේ හදන්නේ .

ඉදිරි ජනාධිපතිවරණය ජනමත විචාරණයක් බවට පත් කරගෙන අපකීර්තිමත් හංස පූට්ටුව යළිත් බලයට ගෙන එන්නයි මේ ජනතා විමුක්ති පෙරමුණේ උත්සාහය.  20  වැනි   සංශෝධනයට සහයෝගය දීලා ජනමත විචාරණයේදී නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් කියල ජොකියෙක් ගෙන ආවහම ඒකට සහයෝගිය නොදී සිටිය හැකිද . ජනාධිපතිවරණය කියන සුන්දර ලළනාව පෙන්නගෙන මේ අරං යන්නේ ගුබ්බෑමකටයි’’



අදහස් (0)

20 මුට්ටිය දාද්දිම කුඩු කරන්න විමල් සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site