lankadeepa.lk

ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණය වැළකූ අගමැතිනියගේ අග සව්වා

2018 නොවැම්බර් මස 03 පෙ.ව. 12:00

0     27

රාජ්‍ය පෙරළි කුමන්ත්‍රණ කතා මෙන්ම රාජ්‍ය නායක ඝාතන කතා යළිත් පැතිර යමින් පවතින මේ වකවානුවේ මෑත අතීතයේ සිදුවූ එවැනි සිද්ධීන් ගැන දන්නා උදවියට එක්වරම සිහියට නැගෙන්නේ 1962 අසාර්ථක රාජ්‍ය පෙරළි ​පොලිස් මිල්ටරි කුමන්ත්‍රණයයි. එතැනදී නිතැතින්ම මතක් වන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක නම් වූ අර්බුදකාරී මතභේදකාරී අභියෝගාත්මක ශක්තිමත් විශේෂිත දේශපාලන චරිතයයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය


lankadeepa.lk

ඇමැති මංගලට වෙච්ච හදියක්

2018 ඔක්තෝබර් මස 30 පෙ.ව. 12:12

0     1508

වත්මන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ගැටවර වියේදී වැඩි කාලයක් රැඳී සිටියේ එංගලන්තයේ ලන්ඩන් නගරයෙහිය. එසේ වූයේ ඔහුගේ මෑණියන් වන ඛේමා සමරවීර මැතිනිය බඩපිස්සා වූ මංගල උසස් අධ්‍යාපන කටයුතු සඳහා එවක ලන්ඩන් නගරයේ විශ්වවිද්‍යාලයක ගෘහ නිර්මාණ ශිල්පය හදාරමින් සිටි තමන්ගේ වැඩිමහල් පුත්‍රයා වෙත යැවූ බැවිනි.


lankadeepa.lk

එක රැයින් රටම කැලඹූ අයවැයක්

2018 ඔක්තෝබර් මස 30 පෙ.ව. 12:10

0     350

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා නිදහස් ලංකාවේ දසවැනි මුදල් ඇමැතිවරයා වේ. එතෙක් ප්‍රධාන පක්‍ෂ දෙක වන යූ.ඇන්.පී. ය හා ශ්‍රී.ල.නි.ප. ආණ්ඩු අතර දෝලනය වූ මුදල් අමාත්‍ය ධුරය ලංකා සම සමාජ පක්‍ෂය වෙත පිරිනැමුණේ නොසිතූ විරූ ලෙසිනි.


lankadeepa.lk

“ක්‍රිකට්” දේශපාලනයේ පුරාණය

2018 ඔක්තෝබර් මස 28 පෙ.ව. 12:10

0     479

ක්‍රිකට් යනු ක්‍රීඩාවකි. අපට වැටහෙන ආකාරයට, කවුරුත් කෙසේ විග්‍රහ කළද බොහෝ කලෙක සිටම ක්‍රිකට්වලට දේශපාලනය සම්බන්ධය. අද සිදුවන බොහෝ දේ අනුවත් අපට නිසැකවම පෙනී යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ බවත් එහි දියුණුවට මෙන්ම පරිහානියට ද මෙම දේශපාලන සහභාගිත්වය බලපා ඇති බවත්ය.


lankadeepa.lk

ජෝඩු දේශපාලනයේ ආරම්භය

2018 ඔක්තෝබර් මස 28 පෙ.ව. 12:08

0     236

පුරුෂාධිපත්‍යය පවතින රටක් වුවද 1931 සර්වජන ඡන්ද බලය ලැබුණු වකවානුවේදීත් ස්වාමිපුරුෂයා සහ බිරිඳ දේශපාලන කටයුතුවල නිරතවීම දක්නට විය. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ සර්වජන ඡන්ද බලය මෙරට ජනතාවට හිමිවීමෙන් පසු 1931 මැයි 04 වැනිදා ඒ තුළින් බිහි කළ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරු 50 තෝරා ගැන්ම සඳහා නාම යෝජනා පත්‍ර කැඳවනු ලැබීය. එහිදි එදින රුවන්වැල්ල ආසනය සඳහා ජෝන් හෙන්රි මීදෙණිය අධිකාරිම් පත්වූයේ නිතරගයෙනි. එහෙත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වශ


lankadeepa.lk

ජනාධිපතිවරණයක අතුරු කතා

2018 ඔක්තෝබර් මස 28 පෙ.ව. 12:02

0     308

1993 මැයි 01 වැනි දින කොළඹ ආමර් වීදියේදී තම මැයි පෙළපාළිය සකස් කරමින් සිටියදී එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදුකළ පිපිරීමකින් ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මරණයට පත්විය. මේ වනවිට අගමැතිධුරය දරමින් සිටි ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවේ කැමැත්තෙන් පත්වූ අතර කර්මාන්ත හා විද්‍යා තාක්ෂණ ඇමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය.


lankadeepa.lk

සමාජවාදී පෙම් පැටලැවිලි

2018 ඔක්තෝබර් මස 27 පෙ.ව. 12:10

0     172

එක්දහස් නවසිය තිස් ගණන්වල මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළවුන් අතර දේශීය නියෝජිතයින් හැටියට සිටි බොහෝමයක් දෙනා පරම්පරාගත ධන බලය, පිරිස් බලය විසින් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ අවශ්‍යතා ඉටු කරනු ලැබූවෝ වූහ. එහෙත් සමසමාජ පක්‍ෂය බිහි කළ විශිෂ්ට පුද්ගලයන් අතර මන්ත්‍රණ සභාව නියෝජනය කළේ පරිපූර්ණ ගොවි කම්කරු ජනතා ප්‍රශ්න පිළිබඳව මෙරට මෙන්ම විදේශ රාජ්‍යයන්හි ද ඉහළම උපාධි ලැබූ පුද්ගලයන්ය.


lankadeepa.lk

මැතිනියටත් මෙල්ල නොවූ කතානායක හියූ ප්‍රනාන්දු

2018 ඔක්තෝබර් මස 27 පෙ.ව. 12:10

0     110

නාත්තන්ඩිය ඡන්ද කොට්ඨාසයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ හියු ප්‍රනාන්දු වත්මන් සමහර මන්ත්‍රීන්ගේ හැසිරීම් හා ක්‍රියා කලාප සමග සංසන්දනය කළහොත් මහත්මා දේශපාලනඥයෙකු වශයෙන් ඔහු වැජඹෙන්නේ ඉතා ඉහළ තැනකය.


lankadeepa.lk

මධු සාදයෙන් අවසන් වූ සේවක වැඩ වර්ජනයක්

2018 ඔක්තෝබර් මස 27 පෙ.ව. 12:08

0     110

වැඩ වර්ජනයක් පවතින විට ඊට සභභාගි වන සියලු සේවකයන්ගේ අරමුණ වන්නේ තම ඉල්ලීම් දිනාගන්නා තුරු වර්ජනයන් අඛණ්ඩව කරගෙන යාමටය. එවැනි වැඩ වර්ජනයක් පැවැත්වෙන විට හොඳින් හෝ නරකින් සේවකයන් සේවයට කැඳවා ගැනීමට පෙලඹීම හාම්පුතුන්ගේ ස්වභාවය වේ.


lankadeepa.lk

විජේවීරගේ පංති පහ

2018 ඔක්තෝබර් මස 27 පෙ.ව. 12:07

0     148

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.


lankadeepa.lk

සෝභිත හිමියෝ සටන් බිමට

2018 ඔක්තෝබර් මස 27 පෙ.ව. 12:02

0     18

2015 මුල් හරියේ ජනාධිපතිවරණයකට හැමෝගෙම වගේ සූදානමක් තිබුණා. නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළත් කවුරු කවුරුත් මේ සඳහා ලෑස්ති වුණා. ඒ සූදානමේ ප්‍රධාන කාරණය වුණේ ඒ සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයා කවුද කියලා තීරණය කිරීම. විවිධ නම් මේ සඳහා යෝජනා වුණා. මේ නම් අතර ඉදිරියෙන්ම තිබුණේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නම. ඒත් එක්කම කියවුණා කරු ජයසූරියගෙ නමත් ශිරාණි බණ්ඩාරනායකගෙ නමත්.


lankadeepa.lk

“තෙරුවන් සරණේ පිහිට දරාගෙන ගොවිතැන් කෙරුමට නඩු යනවෝ”

2018 ඔක්තෝබර් මස 21 පෙ.ව. 12:08

0     204

බලාපොරොත්තු වූ අයුරින්ම පොලීසිය මඟ හරස් කළහ. බඩගිනි පෙරහැර මාර්ගය මැද නැවතිණ. බඩගිනි නිවන හමුදාව රජයේ මුඩු බිම් සමඟ සටන් වැදෙමින් සිටියහ. ‘නැවතියල්ලා, වෙඩි කන්න ඕනෑනම් පලයල්ලා. කැලෑ කපන්න යනවා නම් කෝ උඹලට ආයුධ, හංගාගෙන තියෙනවා නම් ආයුධ එළියට ගනිල්ලා”


lankadeepa.lk

විජේවීරගෙන් අමුතු උපදෙසක්

2018 ඔක්තෝබර් මස 20 පෙ.ව. 09:05

0     823

ජේ. ආර්. ජයවර්ධන ලෙහෙසි පහසු පුද්ගලයෙක් නොවේ. එම නිසා ළඟ තියෙන ලේන්සු හොඳට තෙමා ගන්න කියා විජේවීර සහෝදරයා අපට කීවේය. අපි සියලුදෙනා එසේ කළෙමු. උද්ඝෝෂණ පෙරහැර සාධු සාධු කියමින් මහා සංඝරත්නය පෙරටු කරගෙන විහාර මහාදේවී උද්‍යානයෙන් පිටත් විය. අපි ද ඒ සමඟ ගමන් කළෙමු. අප ගාලුපාරට ඇතුළු වූවාට එතැනින් ඉදිරියට යන්න නොහැකි විය. එක්වරම කාර් එකක් මේ සෙනඟ අතරින් ඉදිරියට ධාවනය විය. ලොකු අතුල හා රාජා කාර් එක ඉස්සරහට පැන ඉස්සරහ වීදුරුවට පහර දෙන්නට වූහ. අපි මේ දෙදෙ


lankadeepa.lk

රජුන්ට සේවය කළ රජුන් විසින් පාවාදුන් කොබ්බෑකඩුව

2018 ඔක්තෝබර් මස 20 පෙ.ව. 12:10

1     690

ඒ හඬ නැගුණේ 1982 ජනපතිවරණ පොර පිටියෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන සමග ජන බලය උරගා බැලීමට සටන් වැදුණු වමේ පිලේ පතාක යෝධයකු ලෙස ගෞරවාදරයට පත්වූ හෙක්ටර් කොබ්බෑකඩුව නම් දේශපාලනඥයා වෙනුවෙනි.


lankadeepa.lk

සම සමාජයට පිට පිට ජයග්‍රහණ

2018 ඔක්තෝබර් මස 20 පෙ.ව. 12:08

0     192

දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා වාරයේදී ශ්‍රී ලංකාවාසී පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඇන්. ඇම්. සහ පිලිප් ගෙන ගිය දැවැන්ත මෙහෙවර අතිශය වැදගත් වූවක් විය. ඔවුන් හඬ නැඟුයේ දැක්මක් උදෙසා වූ යහ පාලනයක් මෙරට ප්‍රතිෂ්ඨාපනය කරනු උදෙසාය. යෝජනාවේ මෙසේ සඳහන් විය. “මේ සභාවේ අදහසේ හැටියට ඉන්දියානුවන් රජයේ ආධාර ඇතිව තවදුරටත් මේ රටේ ය


lankadeepa.lk

ගාමිණීගේ රහස් වැඩ

2018 ඔක්තෝබර් මස 20 පෙ.ව. 12:07

0     339

1993 පැවැති මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත් වූවේ හිටපු ඇමැතිවරයෙකු වූ ගාමිණී දිසානායක මහතා ය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ලලිත් ඇතුළත් මුදලි සහ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු කීප දෙනෙකු සමග දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ හේතුව මත ඔහු ඒ වන විට එ.ජා.ප. -යෙන් පමණක් නොව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයෙන් පවා නෙරපා හැර තිබුණේය.


කරුගේ ‘මරු’ වැඩ

2018 ඔක්තෝබර් මස 20 පෙ.ව. 12:05

0     61

1950 දශකය ආරම්භයේ දී මෙරට තරුණ පෙළ අතර සිගරැට් බීම බොහෝ සෙයින් ඉහළ නැග තිබුණේය. ඒ සඳහා මුල්වූ එක් හේතුවක් වූයේ විවිධ නම්වලින් හැඳින්වූ සිගරැට් වර්ග ඉතා අඩුමිලට කුඩා පෙට්ටි කඩවලින් පවා ලබාගත හැකිවීමය. එකල ‘පීකොක්’ යන නමින් හැඳින්වූ සිගරැට්ටුවක මිල ශත දෙකක් වූ අතර එම වර්ගයේ සිගරැට් පැකැට්ටුවක් ශත විස්සකට ලබාගත හැකි විය.


lankadeepa.lk

සීවලී හිමියන්ගේ භාෂා හරඹය

2018 ඔක්තෝබර් මස 20 පෙ.ව. 12:00

0     22

සිංහල භාෂාවට අපූරු වදන් වැලක් එක්කිරීමට මෙම වියතා සමත්විය. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ධනේෂ්වර පන්තියට යෙදෙන නමක් වූ ‘ජනතා විරෝධී’ යන්නට සමාන වදනක් එතෙක් සිංහල භාෂාවේ නොවීය. ප්‍රතිගාමී යන වදන ඊට හඳුන්වා දුන්නේ සිරි සීවලී හාමුදුරුවෝය. ප්‍රතිගාමී යන්නට විකල්ප වදන නම් ප්‍රගතිශීලි යන්නය. එයද සිරිසීවලි හිමියන්ගේ නිර්මාණයකි.


lankadeepa.lk

නායකයාට පිටුපා ජයගත් මන්ත්‍රීවරු

2018 ඔක්තෝබර් මස 20 පෙ.ව. 12:00

0     27

1956 මැතිවරණයෙන් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සියලු ප්‍රගතිශීලි දේශපාලන බලවේග එක මාවතකට ගෙන මහජන එක්සත් පෙරමුණ ලෙස මැතිවරණයට ඉදිරිපත්ව ජනතා ජයග්‍රහණයන් ලැබුවත් ආණ්ඩුව තුළ සිටි දක්ෂිණාංශික බලවේග පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු ප්‍රගතිශිලි බලවේග ආණ්ඩුවෙන් ඉවත් කරලීමට 1959 වනවිට සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1959 සැප්තැම්බර් 26 වැනිදා බණ්ඩාරනායක මහතාට සිය ජිවිතයෙන් වන්දිගෙවීමට සිදුවිය.


lankadeepa.lk

රහස් කතාබහෙන් බිහි වූ අවුල් පිරුණු හවුල් ආණ්ඩුවක්

2018 ඔක්තෝබර් මස 20 පෙ.ව. 12:00

0     19

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එක්සත් බවක් ඇති කිරීමටත් එම පක්ෂ දෙකේ සහභාගිත්වයෙන් භාරකාර රජයක් ගොඩනැගීමත් උදෙසා සාකච්ඡා පැවැත්වෙන බවත් ඒවා සාර්ථකව ඉදිරියට ගමන් කරන බවත් මේ දිනවල ජන මාධ්‍යවලින් ප්‍රකාශයට පත්වෙමින් තිබේ. එවැනි දේ සිදු විය හැකි නමුදු මගේ ගෙදර නම් එවැනි සාකච්ඡා පැවැත්වුණේ නැති බව කියන ඇස්. බී. දිසානායක මහතාගේ කතාවත් ප්‍රධාන පාර්ශ්ව සියල්ල නිහඬතාව රැකීමත් ගැන සැලකීමේදීත් යමක් සිදුවෙනවා වන්නට ඇතැයි ජනතාවට අවබෝධවීමට ඇති


lankadeepa.lk

දවල් නිදන රෑ නොනිදන හාමුදුරුවෝ

2018 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:10

0     762

මහා සංඝායනාවලින් පසු භික්‍ෂුත්වය පිළිබඳ නිවැරැදි බුද්ධ දේශනය සමාජය වෙත හෙළිපෙහෙළි කිරීමේ අදිටනින් 1959 දී විද්‍යාලංකාර පිරිවෙනේ 75 වන සංවත්සරය වෙනුවෙන් ‘විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගීතිය’ සංවිධානය කරනු ලැබුවේද යක්කඩුවේ නාහිමියන්ගේ මූලිකත්වයෙනි.


lankadeepa.lk

ලෝකය අල්ලේ නැටවූ මිත්තණිය

2018 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:09

0     1307

“පැසුණු හිසින් බුහුමන් ලබව්! යැයි උධෘත පාඨයක් වේ. එයින් කියවෙනුයේ මිනිසාගේ පරිණත බවේ වටිනාකමය. නොඑසේ නම් වැඩිහිටියන්ගේ අත්දැකීම්වල අගයය. ඕනෑම ක්‍ෂේත්‍රයකට පොදු වූ මෙම සනාථන ධර්මය දේශපාලනයටද අදාළ කර ගත හැකිය. උපහාසය දරා ගන්නා තැනැත්තා දියුණුවේ ඉහළටම යනු ඇතැයි රුසියානු ලේඛක නිකොලායි ගොගොල් ලීවේය. දියුණුව සඳහා වාසනාව, ආත්ම ධෛර්යය, කැපවීම යන ගුණාංගනයන්ද අවශ්‍යය. උපහාසය දරා ගැනීමද එයට එක්වන්නේ නම් වඩාත් යෝග්‍යවනු ඇත.


lankadeepa.lk

ලොවම කුල්මත් කළ ඔක්තෝබර් විප්ලවයේ මතක සටහන්

2018 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:01

0     264

ඔක්තෝබරය යනු විප්ලව මාසයයි. එතෙක් පැවති ලෝකයේ සම්ප්‍රදායික ගමන් මඟ වෙනස් කළ සෝවියට් සමාජවාදී විප්ලවය සිදු වූයේ 1917 ඔක්තෝබරයේය. එයින් ගොඩනැඟුණු සෝවියට් සමාජවාදී ජනරජයට සමස්ත මිහිතලයෙන් හයෙන් එකක භූමිභාගයක් අයත් වූයේය. ලෝකයේ විශාලම ජනගහනය වෙසෙන රාජ්‍යය වශයෙන් පිළිගැනෙන්නේ චීනයයි. වැඩවසම් වාදී දූෂිත රාජ වංශවල පාලනය යටතේ වහල් භාවයේ ගිලී සිටි චීන ජනතාව මාඕ සේතුං නායකතුමාගේ


lankadeepa.lk

වමට - දකුණට කැරකැවුණ වයඹ එජාප බලකොටුව

2018 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:00

0     257

පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයට සුවිශේෂ පිළිගැනීමක් හිමිවූයේ ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දේශපාලන ලෝකයේ විවාදාත්මක චරිතයක් වශයෙන් ප්‍රසිද්ධියට පත් සර් ජෝන් ලයනල් කො


lankadeepa.lk

බඩ ගින්නට එරෙහි වීදි සටන්

2018 ඔක්තෝබර් මස 14 පෙ.ව. 12:20

0     91

56 මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය ජනතා ජයක් බවට පත්කිරීම සඳහා පිලිප් ගුණවර්ධන කුඹුරු පනත ගෙනාවේය. අඳ ගොවි ප්‍රශ්නයට පවා විසඳුම් ඉදිරිපත් කර ඇති එම පනත ප්‍රගතිශීලි යැයි බහුතරයගේ මතයයි. එහෙත් පනතට එරෙහිව කැබිනට් මණ්ඩලයේ ඇතැම් ඇමැතිවරු පවා පෙළපාළි ගියහ.


lankadeepa.lk

වමට පණ දුන් “ඩබල් ඩොක්ටර්”

2018 ඔක්තෝබර් මස 13 පෙ.ව. 12:10

0     152

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන උණුසුම්ව කතා බහ කෙරෙන අද පවා නිරතුරුව සිහිපත් වන දේශපාලන චරිතයකි කෘතහස්ත වාමාංශික දේශපාලනඥයකු හා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මෙන්ම ප්‍රවීණ නීතිවේදියකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා.


lankadeepa.lk

ගල් ගෙයක සිර කළ සුද්දගේ කතාව

2018 ඔක්තෝබර් මස 13 පෙ.ව. 12:09

0     418

සමසමාජ පක්ෂය පොදු මහජනතාව සමඟ වඩාත් සමීප වීමෙහිලා විදේශිකයකු වූ බ්‍රෙස්ගර්ඞ්ල්ගේ ආගමනය දැඩි සේ බලපාන්නක් විය. ආණ්ඩුකාරවරයාගේ නියෝගයට පිටුපා බ්‍රෙස්ගර්ඞ්ල් ක්‍රියා කිරීම තුළින් රජ අණසකට යටත් නොවන ප්‍රබල සමසමාජවාදියකු මතුවීම බි්‍රතාන්‍ය පාලනයට ද එල්ල කරනු ලැබූ අතිවිශාල අභියෝගයක්ය යන්න මුළු රටම දැනගත්තෙන් පක්ෂ විධායකයෝ එක්ව රහසිගතව තීරණයකට එළැඹියහ. දැන් කළ හැකි එකම දෙය නම් ඔහුට රටෙන්


lankadeepa.lk

ජනපති ප්‍රේමදාසගෙන් ජවිපෙට ඇමැතිකම්

2018 ඔක්තෝබර් මස 13 පෙ.ව. 12:08

0     434

දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව වන විට ඔහුට තම පක්ෂය තුළින් කිසිවකුගේ හෝ අභියෝගයක් නොතිබිණි. ඊට හේතු වූයේ ඒ වන විට එ.ජා.ප.යේ. සිටි වෙනත් නායකයනුත් එම අවස්ථාවේ රටේ පැවැති දැවෙන ප්‍රශ්න හමුවේ එවැනි භාරදූර වගකීමක් දැරීමට දැක්වූ පසු බෑමය.


lankadeepa.lk

විජේවීරට කැපිල්ලක්

2018 ඔක්තෝබර් මස 13 පෙ.ව. 12:05

0     114

චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ වන ගොවි සම්මේලනයේ නියෝජිත රැස්වීමක් කොළඹ පක්ෂ කාර්යාලයේදී ශන්මුගදාසන් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී මට එම රැස්වීම ඇමතීමට අවස්ථාව ලැබුණි. අප පක්ෂය විප්ලවවාදී පක්ෂයක් බවත්, මෙම සහෝදරයින්


lankadeepa.lk

නිලධාරියකුගේ ඔළුව පැලූ මන්ත්‍රීවරයා

2018 ඔක්තෝබර් මස 13 පෙ.ව. 12:02

0     20

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම හිටපු ඇමැතිවරයෙකු වූ දි. මු. ජයරත්න මහතා මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1970 මහ මැතිවරණයෙන් ගම්පොළ අසුන ජයග්‍රහණය කරමිනි. එකල පසුපෙළ මන්ත්‍රීවරයෙකු වූ ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටියේ තරමක් නහර කාරයෙකු වශයෙනි.