ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
රට තුළ යළිත් ත්‍රස්තවාදයක් ඇතිවීම පිළිබඳ ගැටලුව ජනාධිපතිවරයා එක් පැත්තකත් අගමැතිවරයා තව පැත්තකත් සිට විසදිය නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
මෙය විහිලුවක් නොවන බව කී විපක්ෂනායකවරයා ත්‍රස්තවාදය මර්දනය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සඳහා විපක්ෂය සම්පූර්ණ සහය ලබාදෙන බවද සදහන් කළේය.
මෙම සිද්ධියේදී නිලධාරියකු බිල්ලට දී ආණ්ඩුවට අත පිසදාගත නොහැකි බව කී මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වෙනවා නම් ඉල්ලා අස්විය යුත්තේ ආණ්ඩුව බවද කීවේය.
COMMENTS
ඒක සම්පුර්ණ ඇත්ත...........
හැමදාම මහින්දල රනිල්ල දිනුම්. බැට කෑවෙ අහිංසක මිනිස්සු. එච්චරයි හැමදේම දෙවියෝ විසඳාවි.
ඉඹල ගෙන්න ගන්නේ නැතිව හිටියා නම් ඉවරයිනේ... ඔයාගෙත් කෑදරකම
මොනවට එකඟ නොවුණත් මේ කියපු දේට සීයට 100ක් එකඟයි.
රජයක් හැටියට මේ ගැන සම්පූර්ණ වගකීම් ගන්න ඕනෑ. වගකීමක් තිබුණා නම් සියලුදෙනාම ඔය තනතුරුවලින් දැන් අස්වෙන්න ඕනෑ... මම දැනුවත් නෑ අපට කියලා නෑ කියලා මේකෙන් බේරෙන්න කිසිම වගකිවයුතු දේශපාලකයෙකුට බෑ ප්‍රහාර ගැන සියලුම මැතිඇමති ආරක්ෂක කොට්ටාශවලට දැනුම්දීලා තිබුණත් දන්නේ නෑ වගේ හිටියා... සියල්ලන්ම මේකෙන් තමන්ගේ ඡන්ද ගොඩ දිහා බලාගෙන වැඩ කරන්නේ... ඔය මහා ලොකු ජාති හිතෙෂී බාප්පලා... ඒ වගේම ආරක්ෂක ඔස්තාර්ලා මේවා නොදැන හිටියද? අහිංසක මිනිස්සු බිල්ලට දීලා තාමත් එකට එකතුවෙලා රට ගැන හිතන්න මේ සියලු දෙනාටම එක මේසෙක වැඩ කරන්න බැරි වීම ගැන ලැජ්ජා වෙන්න ඕනෑ..
ඒ තත්වයට පත් කළේත් ඔබතුමාම තමයි... අගමැතිකම අරගෙන. එදා ඉඳලා ජනාධිපතිතුමා තරහ පිරිමහනවා ඔක්කොම යන්නේ මිනිස්සුන්ගේ පිටින්. ඔබතුමාලා ඔක්කොම ආරක්ෂිතයි.. ජයවේවා!!!
ජනපතිට කියන්න. නමුත් අගමැති ඉවත් විය යුතුයි.
අපට ලැබෙන ආරංචි අනුව බිල්ලට දිය යුත්තේ නිලධාරියෙකු නොවන බව පැහැදිලි වෙනවා. නිලධාරියෙකුට වඩා වැදගත් යයි කියන එක්තරා පුද්ගලයෙකුගේ වගකීම් මගහැරීම නිසා මේ ඛේදවාචකය සිදුවී ඇතිබව මොළේ කලඳක් හෝ තිබෙන කෙනෙකුට තේරෙනවා! රටේ ජනපති - අගමැති දෙපැත්තක සිට "රට පාලනය කිරීමට බැරිවුණු බව" කියන්නේ බලයට කෑදර, සිහින මවන අය බව රටවැසියා දැනගත්තේ 2018 ඔක්තෝබර් 26දා සිරිසේන, රාජපක්ෂ කුමන්ත්‍රණය සිදුවුණු දින බව රටේ ජනතාවට කිසිදා අමතක නොවනු ඇත..!!!
එකතු උනත් ඔය ටිකම තමා.
මේ අභාග්‍ය සම්පන්න වෙලාවේ බොර දියේ මාළු බාන්න හදන එකනම් එච්චර ජනාධාරයට ලක්වෙන වැඩක් වෙන එකක් නෙවේ මහත්තයෝ.
ඇත්තෙන්ම ඉල්ලා අස්විය යුත්තේ ආණ්ඩුවයි.
වැඩ බැරි ආණ්ඩුව ඉල්ලා අස්වන්න !!
ඔහෙලා කරපු ගොන්කම් තමයි මේ මිනිස්සු වින්දේ. දැන් ඉතින් බස් එකේ සෙල් ෆෝන් එකට කොට කොට නිදහසේ ගිය කලේ ඉවරයි. ත්‍රස්තවාදියා හොයා ගන්න බැරි තරමට වතුර බොරකලේ ඔහේලා.
මොකක්ද මේ සිරිමල් හැම වෙලාවෙම බොර දියේ මාලු බානවා කියන්නේ..? ඉස්සර මේවා ගැන කියනකොට ජාතිවාදියො කියලා හංවඩු ගැහුවා. දැන් බොර දියේ මාලු බානවලු.. හපොයි මෙහෙම මිනිස්සු ..මේ වගේ උන් තමා මෙහෙම බෝම්බයකට මුලින්ම අහු වෙන්න තිබුණෙ ..
ජනපති හා අගමැති එක්ව රට කලයුතු වුවත් ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවලට අගමැති හා ආරක්ෂක රාජ්‍ය ඇමති සහභාගි නොකරන බවක් අහන්න ලැබුණා. ආරක්ෂක මණ්ඩල රැස්වීමට තිලංග වැනි ජාතික ලැයිස්තුවෙන් පත්කල විපක්ෂ මන්ත්‍රීලා කැදවපු බවකුත් අහන්න ලැබුණා. සාමාන්‍ය ජනතාව හිතන්නේ වරදකලේ ආණ්ඩුව නොව වෙන කෙනෙක් කියලයි කොහොම වුනත් විපක්ෂ නායකතුමාගේ ප්‍රකශය ඉතාම නිවැරදියි.....