IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අඩුමිල විදුලිය ව්‍යාපෘතියට දේශපාලන පොල්ලක් !

 

(දයාසීලි ලියනගේ)   

ඉතා අඩු මිලට විදුලිය ලබාගැනීම සඳහා මේ වසර අවසානවීමට පෙර පිහිටුවීමට නියමිතව තිබූ මෙගාවොට් 100ක සූර්ය බලාගාරය දේශපාලන මැදිහත්වීම නිසා අත්හිටුවීමට සිදුවෙන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.   


සියඹලාණ්ඩුව ප්‍රදේශයේ අක්කර 500ක භූමි භාගයක මෙම සූර්යබලාගාරය පිහිටුවීමට සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පියවර ගෙන තිබූ අතර මෙහි නිපදවන විදුලිය ඒකකයක් සඳහා රුපියල් 16කට වඩා අඩු වියදමක් වැය කිරීමට නියමිතව තිබුණි.

මෙම සූර්ය බලාගාරය පිහිටුවීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභාව, වනජීවී දෙපාර්තමේන්තුව, වාරිමාර්ග අමාත්‍යාංශය, ජල සම්පත් මණ්ඩලය, දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ආදී වූ ආයතන 8කින් අනුමැතිය ලබා තිබිය දී මෙම භූමියේ අනවසරයෙන් බඩඉරිඟු වගා කිරීමේ යෙදී සිටින පිරිසක් ආරක්ෂා කිරීම සඳහා දේශපාලන බලධාරීන් පිරිසක් මෙම බලාගාරය පිහිටුවීමට විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.   


සූර්ය බලාගාරය පිහිටුවීම සඳහා කටයුතුවලින් මේ වනවිට සියයට 90කට වඩා වැඩි වැඩ කොටසක් අවසන් කර ඇති අතර, මෙය මෙරට ඉදි කෙරෙන ප්‍රථම පුනර්ජනනීය බලශක්ති නිෂ්‍පාදනාගාරය වෙයි.   


​බඩඉරිඟුවලින් ලබන ආදායමට වඩා කෝමාරිකා වගාවෙන් මෙම ගොවීන්ට විශාල ආදායමක් ලබාදීමට සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.   
සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති වැඩපිළිවෙළ ප්‍රමාදවීම සම්බන්ධයෙන් කළ විමසීමේදී, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය අසංග රුද්‍රිගෝ මහතා ප්‍රකාශ කළේ මෙම සූර්ය බලාගාරය පිහිටුවීම වැළැක්වීමට කරුණු කාරණා යෙදී ඇති බවයි. 

   



අදහස් (0)

අඩුමිල විදුලිය ව්‍යාපෘතියට දේශපාලන පොල්ලක් !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site