(ක.ග. කරුණාරත්න)
මෙවර පළාත් පාලන මැතිවරණයේ පොලොන්නරුව මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ පොලොන්නරුවල බැඳිවැව ප්‍රදේශයේ පිහිටි බලපත්‍රයක් රහිතව පවත්වාගෙන ගිය මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප්‍රදර්ශනය කර තිබු බැනර්, කටවුට්,සැරසිලි තොගයක් අද (15) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
මැතිවරණ කොමිසම මගින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙය අත්අඩංගුවට ගැනීම සිදුකළ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd