
(ටී.එල්. ජ්ව්ෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රිකයේ පසුගිය දින දෙකක් පුරා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පවුල් 10561ක, 34415 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාකරන් මහතා පැවසීය.
මේ හොතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 9ක ජනතාව පීඩාවට පත්ව ඇත. ඒ අනුව කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 3576 ක 12304 දෙනෙකු හා මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේපවුල් 1965 ක 5841 දෙනෙකු පීඩාවට පත් ඇත.
මන්මුනේ ආරයන්පති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1698 ක 5283 දෙනෙකුත්, පට්ටිපලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 73 ක 217 දෙනෙකුත් , එරාවුර් පත්තුව සෙන්ගලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 878 ක 2670 දෙනෙකුත් පෝරතිව් පත්තුව වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 162 ක 482 දෙනෙකුත්, කලුවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 933 ක පවුල් 2975 දෙනෙකුත් , එරාවුර් නගර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1260 ක 4584 දෙනෙකුත්, කොරලේපත්තුව දකුණ කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 16ක 59 දෙනකුත් මෙසේ පීඩාවට පත්ව ඇත.
කිරාන්, සෙන්ගලඩි, මන්මුනේ උතුර, කාත්තාන්කුඩි, අරයන්පති, පට්ටිපලේ, පෝරතිවු පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල එක් නිවසක් බැගින් නිවාස 7කට හානි සිදුවී ඇත. ගංවතුරෙන් පීඩාවට පත්වූවන් කොරෝනා බිය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුව ඥාතීන් හා මිත්‍රයන්ගේ නිවාසවල ලැගුම් ගෙන ඇත.
COMMENTS