(මනුල වික්‍රම)
වකුගඩු රෝගය වැළඳුණු සෑම රෝගියෙක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ සියයක වන්දි ඉල්ලා වහා නඩු පැරීමට තමා කටයුතු කරගෙන යන බව රජරට විශ්ව විද්‍යාලයේ මහචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා කියයි.
මෑතක දී ඇමරිකානු අධිකරණයක් මගින් පිළිකා රෝගයක් වැලඳුණු රෝගියෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන සමාගමකට නඩු පැවරූ සිද්ධියට අනුරූපිව එසේ ශ්‍රී ලංකාවේ ද වකුගඩු රෝගීන් වෙනුවෙන් වන්දි ඉල්ලා ග්ලයිපොසේස්ට් ආනයනය කරන මෙරට එම සමාගමේ නියෝජිතයිගෙන් වන්දී ඉල්ලන බව වෛද්‍ය වරයා කියා සිටියේ ය.
පදවිය හා මැදවච්චිය ප්‍රදේශවල වකුගඩු රෝගින් කණ්ඩායම් දෙකක් වෙනුවෙන් දිසා අධිකරණයක දී වන්දි නඩුවක් පවරන බව වෛද්‍යවරයා එහි දී ප්‍රකාශ කළේය.
වකුගඩු රෝග වැළඳුණු එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් මිලියන 10 බැගින් වන්දි ඉල්ලන බවත් මිය ගිය අයගේ පවුල් වෙනුවෙන් වන්දි ඉල්ලා තවත් නඩු පවරන බවත් ඒ මහතා කියා සිටියේ ය.
‘‘ මුලින්ම වකුගඩු රෝගීන් බහුලව සිටින පදවිය , මැදවච්චිය වැනි ප්‍රදේශ වලින් කණ්ඩායම් දෙකක් පමණ තෝරාගෙන ඒ අය සමඟ දිසා අධිකරණයක වන්දි නඩුවක් පවරනවා.ඒ සඳහා අපිට ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන ඇති බව නිතිවේදීන් කීවා.
ඒ සමඟම අපි රජයෙන් හා කෘෂිකර්ම විෂය භාර මැති ඇමති වරුන්ගෙන් සහයෝගය ඉල්ලුවා. කවුරුත් සහාය දුන්නේ නෑ. සහාය දෙන්න ඉදිරිපත් වුණේ හිටපු ගොවිජන සේවා ඇමති වරයෙකු වූ එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පමණයි.
එතුමා නීතිඥ සංගම්වල සහාය ඉල්ලා සාකච්ඡා කළ බවත් කීවා. ග්ලයිපොසේට් ගෙන්වන සමාගමේ නියෝජිතයෙක් මේ රටේ ඉන්නවා.එයාගෙන් තමා වන්දි ඉල්ලන්නේ.ඊට අමතරව පළිබෝධනාශක පාලකවරයා වගඋත්තරකරු කරනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ ව්‍යායාමය අවංක බව මට පෙනී යනවා නමුත් ලංකාවේ මේවගේ නඩුවක් දැම්මට ඕක අහලා ඉවරවෙනකොට අවුරුදු 20 වත් ගතවේවි. එතකොට ඔබත් මමත් සමහරවිට ජිවතුන් අතර නොමැත. ඔයවගේ සල්ලි තිබෙන සමාගමකට පුළුවන් ඔය නඩුව අවශ්‍යනම් අවරුදු 25 වත් ඇදගෙන යන්න. මොනවා කරන්නද මේ ලංකාවේ හැටි. පෙරකදෝරුවෝ එකතුවෙලා අපේ රටේ නීති පද්ධතිය ඒගොල්ලන්ට සල්ලි හම්බකරගන්න පුළුවන් විදිහට විනාශ කරලා තිබෙන්නේ, සාමාන්‍ය පුද්ගලයෙකුට නිතිය ඉදිරියට ගොස් ලොකු සමාගමක් සමග සටන් කර සාධාරණයක් ඉටු කරගැනීමට ඉතා අපහසුය. නඩුවකට ගියොත් මුළු දවසම රස්තියාදු වීමට බොහෝදුරට සිදු විය හැක
සාධාරණයක් ඉෂ්ට වේවා සියලුම වකුගඩු රෝගීන්ට. ඉක්මන් සුවය ලැබේව
ඔය ග්ලයිපොසේට් විතරක් නෙමෙයි , ඔය කෘතීම රසායන වර්ග දමල ආහාර වර්ග නිපදවන කුඩා හෝ වේවා මද්යම පරිමාණයේ හෝ වේවා සියලුම ආයතන වලට නීති මගින් ක්‍රියා කල යුතයි . අද වැඩිපුරම ඔය බෝවෙන රෝග හදන්නේ ඔය නුසුදුසු රස කාරක දාල මිනිස්සුන්ගේ කට පිස්සු වට්ටලා සාක්කුවේ තියෙන සල්ලි ටික අදිනවා . ගෙදර දොරේ කෑමක් හැදුවත් පිටින් ගෙන්න වෙන්නේ විවිධ රසායන යොදල විකුර්ති කල අමුද්‍රව්‍ය. තමන්ගේම මිනිසුන්ට වස කන්න දීල ඔවුන්ව රෝගී කරලා තමන්ගේ මඩිය තර කර ගන්න හදනවනම් ඒක පණපිටින් අප ගත වෙන වැඩක්. මිනිස්සු අාහාර ගන්නේ කුස ගින්න නිවා ගන්න ඒක දඩමීම කරගෙන වස දෙන එකට දඩුවම් කල යුතුමය.
දැන් මේ වල්නාශක, කෘමිනාශක පාවිච්චි කරන ගොවීන්ට විරුද්දව නඩු දාන්න අපිට බැරිද? ඇයි ආයතන විතරක්? ඇයි මේ කියන්නෙ නැත්තෙ ගොවියන්ට මේවා පාවිච්චි කරන්න එපා කියලා. ඒ ගැන උද්ඝෝෂණ නැත්තෙ ඇයි? යමුකො ගොවි බිම් වලට..
ඔබ තුමාට ගොඩක් පිං මෙම අසරණ මිනිසුන් වෙනුවෙන් කරන දේවල් වලට