(දයාසීලී ලියනගේ)
රුසියාව හා චීනය නිෂ්පාදනය කරනු ලබන කොරෝනා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නිසා, එම එන්නත ලබානොගන්නා ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
චීනයේ නිෂ්පාදනය කරනු ලබන සිනොවැක්-කොරෝනාවැක් එන්නත හා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත ගෙන්වීමට රජය සාකච්ඡා කරමින් සිටින බව එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
දැනට ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අමතරව චීනයේ හා රුසියාවේ නිපදවන එන්නත් ගෙන්වා ගැනීමට ද රජය සාකච්ඡා කර ඇත.
COMMENTS
ඉතා ආරක්ෂිත චීන එන්නත තමයි. අපි මාත්‍රා දෙකම ලබාගත්තා. කිසිම අපහසුතාවයක් නෑ.
අප වෛද්‍ය විද්‍යාවේ නොදරුවන්ය. එබැවින් අපට අර එන්නත හොඳයි.. මේ එන්නත නරකයි කීමට නොහැකිය. අප රටේ හෙද හෙදියන් යනු වෛද්‍යවරුන් මෙන්ම සියල්ලම දන්නෝය. විශේෂයෙන් වෘත්තීය සමිති නායකයින් එම විෂය පිළිබඳව මහෞෂධයින්ය. නයිටින්ගේල් නෝනාටද හෙද සේවය පිළිබඳව කියාදීමට රත්නප්‍රිය වැන්නන් අති දක්ෂයෝයි. අරාජිතයාටද උපදෙස් දෙන්නේ මේ සමන්ය. එබැවින් රජය වහාම රුසියානු හා චීන එන්නත් බෙහෙත් ගෙන්වීම නතර කළ යුතුමයි...
මොනවද මේ බොරු කතා? ස්පුට්නික් එන්නත ජර්මනියේත් පිළිගත්තා... ඒ මිනිස්සුන්ට විදින්න..
WHO එක චීනෙට සහ රුසියාවට එන්නත පාස් කරන්නේ නැත්තේ, ඒවා ඇමෙරිකාව සහ එංගලන්තයේ ප්‍රමුඛ බටහිර රටවලට විරුද්ධ නිසා මිසක් බෙහෙතේ හොඳ නැතිකම නිසා නොවේ. අනෙක අපි මොනවද ඔය බෙහෙත ගැන දන්නේ? කවුරු හරි දෙනවා. අපි ගහනවා.
ඔන්න ඕවා කියලා නන්දසේනට කේන්ති යයි. චීනයේ ලොකු සර් මේ වෙලාවේ අප්සට් කරන්න එපා..පොඩි සර් ඩොලර් බිලියන 2.2 ක ණයක් ඉල්ලලා තියෙන්නේ.
අපි ඉන්නේ සීෂෙල්ස් වල.... මේ රටේ මිනිස්සුන්ට අහිතකර හෝ ජීවත් වීමට බධාවක් වන කිසිවෙක් නැත. කපුටෙක් වුවද නැත. ඒ ඔවුන් විනාශකාරී සතුන් නිසා තුරන්කර ඇත. වැඩි විස්තර කියන්න අවශ්‍ය නැත. මේ රටේ අපටද ලබා දුන්නේ චීන එන්නතයි. එම එන්නත අනෙක් එන්නත් වලට වඩා හොඳ බව නම් පේනවා. මොකද චීනයේ කොරෝනා පැතිරෙන විදිහ බැලුවාම...?
ලංකාවේ අපේ අය එක කකුලක් ඇමෙරිකාවේ.. අනික් එක චීනයේ ...