(නිමල කොඩිතුවක්කු)

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය ආරක්ෂා කිරීම සඳහා නිත්‍යනුකූලව ගත හැකි සෑම ක්‍රියා ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89, 91 සහ 105  යන වගන්ති වලට අනුකූලව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට නෛතික ඉඩක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

භාෂණයේ නිදහස සුරකිමු" යන මැයෙන් සමගි ජනබලවේගය ඇතුලු විපක්ෂයේ පොදු එකමුතුව කොළඹ නිදහස් චතුරස්‍රය අසලදි අද(13) සංවිධානය කළ විරෝධතාවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුව විවේචනය කිරීමට හෝ අභියෝග කිරීමට සූදානම් නොමැති වුවත් ජ්‍යෙෂ්ඨ  නීතිඥයන් මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බලන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.