මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16) හඳුනාගෙන තිබේ.
ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලයේ නිරෝධායනය වෙමින් සිටි 3 ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 58 දෙනකු ඒ අතර වේ. මේ දක්වා වාර්තා වී තිබු ආසාදිත සංඛ්‍යාව 1789 දෙනකු වූ අතර මෙම 61 දෙනා සමඟ මේ වන විට වාර්තා වී ඇති මුළු අසාදිත සංඛ්‍යාව 1850 කි.
COMMENTS
අන්න කැබිනට මාධ්‍ය සාකච්ඡාවට ආපු කෙනෙක්ටත් හැදිලලු. එතකොට ඒත් බ්‍රැන්ඩික්ස් පොකුරේද? අපි හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඔහුගෙන් මැති ඇමතිවරුන්ටත් ආසාධනය වී ඔවුනුත් බ්‍රැන්ඩික්ස් පොකුරට එකතුවන තෙක්..
මෙහෙම කරන අයට හෙණ ගහන්න ඕනේ මේ කරපු අපරාධයට..
පාර්ලිමේන්තු පොකුර ගැන කියනකම් මම ආසාවෙන් බලාගෙන ඉන්නේ.
වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර ඒ නමින් හඳුන්වන අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලොකු පොකුර " මිනුවන්ගොඩ පොකුර" කියා හඳුන්වන්නේ එම ආයතනයේ ලොක්කා ඡන්දෙට දුන්නාය කියන ආධාර මුදලේ රස්නේ වැඩිකම නිසාද? මේවා දැවෙන ප්‍රශ්න. ඒකයි අහන්නේ...
කෝවිඩ් රෝගීන් ගැන වාර්තා කරන ආකාරය ඉතාම අපහැදිලියි. උදාහරණයක් ලෙස මතුගම හා පැලවත්ත ආශ්‍රිතව රෝගීන් හමුවී ඇති අතර වාර්තා කරන විට මතුගම යන්න අවධාරණය කරන අතර පැලවත්ත ගැන සඳහන් කරන්නේ නැහැ. මතුගම හා පැලවත්ත ප්‍රදේශයන් දෙකක් ලෙස වාර්තාකළ යුතුයි.