IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණ නිරීක්ෂණයට සී.එම්.ඊ.වීයෙන් පන්දාහක්

(බිඟුන් මේනක ගමගේ) 

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (සී.එම්.ඊ.වී) මෙවර මහමැතිවරණයේදී පන්දහසකට අධික පිරිසක් නිරීක්ෂණ කටයුතු සඳහා යොදන්නේ යැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට අද(5) පැවැසීය.

ක්‍ෂේත්‍ර නිරීක්ෂණ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ, ජංගම නිරීක්ෂණ හා ඡන්ද ගණන් කිරීම් නිරීක්ෂණය යන අංශ යටතේ මෙම නිරීක්ෂකයන් රාජකාරිවලට සම්බන්ධ වන්නේ යැයි ද ගජනායක මහතා කීවේය.

ඒ අනුව මැතිවරණ කොට්ඨාස මට්ටමින් ක්‍ෂේත්‍ර නිරීක්ෂකයන් ලෙස 160 දෙනෙක් ද දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් හැටියට 25 දෙනෙක් ද ජංගම නිරීක්ෂකයන් ලෙස 100 දෙනෙක් ද නිරීක්ෂණයට සහභාගී වෙති.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට නිරීක්ෂකයන් 500 ක පිරිසක් සම්බන්ධ වන්නේ යැයි ද ඡන්ද දිනයේ පමණක් 3000 ක නිරීක්ෂක කණ්ඩායමක් රාජකාරියේ නිරතවන්නේ යැයි ද ගජනායක මහතා පැවැසීය.

මෙවර මැතිවරණ නිරීක්ෂණය සඳහා විශේෂ හැකියාවක් සහිත පුද්ගලයන් 100 දෙනකු ද සහභාගී වීම විශේෂත්වයක් යැයි කී හෙතෙම මෙම සියලු කණ්ඩායම්වලට අවශ්‍ය පුහුණුව ලබාදීම මේ වන විට ආරම්භ කර ඇතැයි ද කීවේය.

ඒ අනුව අද(5) සහ ඊයේ(4) දෙදින නිරීක්ෂකයන් කණ්ඩායම් දෙකකට මූලික පුහුණුව ලබාදුන්නේ යැයි ද එම සියලු පුහුණුකිරීම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් පැවැත් වී යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  

 



අදහස් (0)

මැතිවරණ නිරීක්ෂණයට සී.එම්.ඊ.වීයෙන් පන්දාහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site