IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාතර - මත්තල අධිවේගී මාර්ග කොටසේ ගාස්තු අයකෙරේ

(රංජන් කස්තුරි සහ හර්ෂණ තුෂාර සිල්වා)

මාතර සිට මත්තල දක්වා අලුතින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ග කොටස භාවිතා කරන වාහන සඳහා ගාස්තු අය කෙරෙන බව සඳහන් කරමින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇක්සල්  දෙකක් සහ රෝද හතරක් සහිත වාහනයකට කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 750 ක් ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 850 ක්ද කටුනායක සිට මත්තල දක්වා රුපියල් 950 ක්ද ලෙස ගාස්තු අය කෙරේ.

ඇක්සල දෙකක් සහ රෝද හයක් ඇති වාහන සඳහා කොට්ටාවේ සිට මත්තල දක්නා රුපියල් 1400 ක්ද කටුනායක සිට මත්තලට රුපියල් 1800 ක්ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 1500 කද ලෙස ගාස්තු අයකෙරේ.

ඇක්සල දෙකට වැඩි වාහන සඳහා කොට්ටාව සිට මත්තලට රුපියල් 2400 ක් ද කටුනායක සිට මත්තල දක්වා රුපියල් 3000 ක් ද සහ කඩවත සිට මත්තල දක්වා රුපියල් 2650 ක් ද ලෙස ගාස්තු අයකරබව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා ජනාධිපති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන සහ අගමැති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන ගාස්තු වලින් නිදහස් කරන බවද එහි සඳහන් කර තිබේ.



අදහස් (12)

මාතර - මත්තල අධිවේගී මාර්ග කොටසේ ගාස්තු අයකෙරේ

Gootaa Friday, 21 February 2020 07:36 PM

අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා ජනාධිපති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන සහ අගමැති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන ගාස්තු වලින් නිදහස් කරන බවද එහි සඳහන් කර තිබේ.

:       2       2

de silva Friday, 21 February 2020 09:47 PM

ධාවනය කරන කිලෝමීටරයකට මිලක් නියම කළානම් වැඩේ පිරිසිදුය.. සාධාරණය.., යුරෝපා රටවල වගේ වාර්ෂික ටිකට් නිකුත් කරන්න බැරිද?

:       0       1

ගස්පෙ Saturday, 22 February 2020 12:59 AM

මන් ඊයේ පෑළියගොඩ ඉඳන් ගොඩගම I වෙත සැහැල්ලු වාහනයකින් ගියා... රුපියල් 900ක් ගත්තා...

:       0       2

Bamunuarachchi Saturday, 22 February 2020 01:44 AM

කිසිම දෙයක් පිනට දෙන්න ලැහැස්ති වෙන්න එපා.

:       1       1

ass charyaSunday, 23 February 2020 02:25 PM

ගිය ආණ්ඩුව කාලෙ හැම දෙයක්ම නිකන් දෙනකන් බලන් හිටපු බමුණා නේද මේ...?

:       0       26

රංග තේනුවර Saturday, 22 February 2020 03:58 AM

අධික වේගය මරු කැඳවයි. එම නිසා මෙම මාර්ගවල උපරිම වේගය පැයට කිලෝමීටර් 70 දක්වා පහත හෙළනා මෙන් රජයෙන් ඉල්ලා සිටිමු.

:       4       1

Perera Saturday, 22 February 2020 05:04 AM

මාර ලාබයිනේ... දෙපැත්තටම 1900 යි. ඩොලර් 11 යි.

:       0       2

සනත් වීරකෝන් Saturday, 22 February 2020 08:23 AM

ගමට යන්න රටේ සල්ලිවලින් අපි හදාගත්ත පාරට මොන මඟුලකටද අපි ගෙවන්නේ...?

:       1       3

ranjith Saturday, 22 February 2020 10:43 AM

බලේට අාව ගමන් විවෘත කරන්න ගොඩක් දේවල් තියෙනවා වගේ.

:       1       20

Akila Saturday, 22 February 2020 01:51 PM

මාතර - හම්බන්තොට නෙවේද?

:       0       3

berty Sunday, 23 February 2020 06:41 AM

ඇම්බියුලන්ස් (ගිලන් රථ) මුදල් අයකිරීමෙන් ඉවත් කර නැද්ද?

:       0       8

තාසංක Sunday, 23 February 2020 07:22 AM

ගිලන්රථ වලටත් නොමිලේ යන්න දෙන්න..

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site