(මහින්ද නිශ්ශංක )
සාමාන්‍ය ජනතාවට ගමන් කිරීම සදහා මහනුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට මහනුවර දක්වාත් දුම්රිය 2 ක් හෙට (28) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
එම දුම්රිය මහනුවරින් පෙරවරු 8.30 ටත් බදුල්ලෙන් පෙරවරු 8.30 ටත් පිටත්වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර රාජකාරි සදහා යන මගීන්ට දැනට දුම්රිය 31 ධාවනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS