(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් පිරිසකගේ අවශ්‍යතාවය මත ඉකුත් 03 වැනිදා නොදන්වා විදුලිය කැපීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු දෙකේ වාර්තාව හෙට (24) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට නියමිතය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ලංකා විදුලිබල මණ්ඩලයට සය පුද්ගල කමිටුවක් පත්කළ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවද තවත් පරික්ෂණයක් පැවැතිවිණි.
එම කමිටු දෙකේම වාර්තා හෙට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට බාරදීමට නියමිතය.
COMMENTS
විදුලිය කැපුවට පස්සේ මොන කමිටුද? අනේ ඔහෙලගේ කමිටු... අපිට ඕවා තිත්තයි දැන්... අපේ ගමේ ඕවට දැන් කියන්නේ ගොන් පාර්ට් කියලා...
අැයි මේ කමිටු පත් කරන්නේ... නොකියා විදුලිය කැපුවේ තුන් වෙනිදා විතරද? සමහරවිට නායකයෙකුට නොකියා ගෙදර විදුලිය කපන්න ඇති... ඒ නිසා තමයි කමිටු පත් කරන්නේ ඔය කමිටු පත් කරන්න රටේ විදුලිය නොමැතිව ජීවත්වෙන පවුල් ගණන හොයලා බලන්න...
නොදන්වා විදුලිය විතරක් නොවේ වතුරත් කපනවා.