
(තිලකරත්න දිසානායක)
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යාව විෂය අද (13) සවස් වරුවේ පැවති අවස්ථාවේදී උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවක ආධාරයෙන් පිළිතුරු සපයමින් සිටි බව කියන පාසල් සිසුවෙකු පොලිස් බාරයට පත් කිරීමට විභාගශාලා නිලධාරීන් පියවර ගෙන ඇත.
ගම්පහ ප්‍රධාන පාසලක විභාග ශාලාවකදී මෙම වංචාව හසුව ඇති අතර මේ සම්බන්ධයෙන් ගම්පහ පොලීසියට පැමිණිලි කර තිබේ. මෙම උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවෙහි ජීව විද්‍යාව විෂයට තොරතුරු ඇතුලත් කර තිබී ඇති බව අනාවරණය වී ඇත.
සිසුවා පොලීසිය බාරයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර වංචා සහගත අන්දමින් පිළිතුරු ලිවීමට යොදාගත් ඔරලෝසුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිනිස පොලිස් බාරයට ගෙන සිසුවා මුදා හැරීමට පියවර ගත් බව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.