IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නාමයෝජනා බාර ගැනීමට සියල්ල සූදානම්

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද (7) පෙරවරු 9.00ට ආරම්භ වේ.

නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 11.00 දක්වා සිදුකෙරෙන අතර ඒ වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශයේ මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවා ඇත.

ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්  නාමයෝජනා භාරදීම සඳහා මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණෙමින් සිටින අතර එම කාර්යාලය පිහිටි සරණ මාවත පොලීසිය විසින් වසා දමා තිබේ.

එයට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයින්ගේ වාහන ඇතුළු අවසර ලත් වාහන පමණි.නාමයෝජනා පිළිබඳ විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට 11.30 දක්වා කාලය ලබාදී ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ )



අදහස් (2)

නාමයෝජනා බාර ගැනීමට සියල්ල සූදානම්

Raveendra Monday, 07 October 2019 03:35 AM

කරුණාකර අපගේ මෙම අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනීමට උත්සාහ කරන මෙන් පළමුව ඉල්ලා සිටින්නෙමු. "මැකෝ" විසින් අපගේ මාතෘභූමියේ අනාගතය සරුසාර කිරීමට පොරකන "මොවුන්ගේ නාමයෝජනා බාරගැනීම අන්තර්ජාලය හරහා (on line මගින්) සිදුකිරීමට අදාළ ක්‍රියාමාර්ග ගත්තේ නම් අද දින මෙම කාර්යාලය අවට පාරවල් වසා දමා මහජනතාවට කරදරයක් වීම, අතිවිශාල පොලිස් නිලධාරීන් යෙදවීම, ඒ සදහා මිනිස් කාලය නාස්ති වීම, ඒ සඳහා නාස්තිවෙන මහජන මුදල්, ඉන්ධන, එපමණක් නොව තරගයට පැමිණෙන "මී හරකා" සමග ගාල කඩාගෙන ඉවක්බවක් නැතිව එන අම්බරුවන්ගෙන් මහජනතාව ඇතිවෙන හිරිහැර මෙන්ම සියලුම නාස්තින් නවත්වා ගතහැකි නොවේද? ඇත්තෙන්ම රටට අවංකව සේවය කිරීමට උත්සාහ කරන රජයේ සේවකයන් තමා වෙත නීතිය මගින් පවරා තිබෙන බලතවලින් මෙවන් තීන්දු තීරණ ගන්නේ නම් මේවා නිසිලෙස පාලනය කරගත හැකි නොවේද? අවංකව සිතමු අද දින මෙම කාර්යාලය අවට මොනතරම් නම් නාස්තිකාර සිදුවීම් නොවෙනවා යයි කිසිවෙකුට උපකල්පනය කළ හැකිද? බලන්න මොවුන් මෙම ස්ථානයට එන විදිය.

:       8       228

sandaruwan Monday, 07 October 2019 03:44 AM

විශාල ලෙස වැටුප් වැඩි කළ අවස්ථාවේ ආර්ථිකය කඩා වැටීම නිසා රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීමට අද වනවිට දිනකට රුපියල් බිලියන 7 අවශ්‍ය වුවත් රජයට සොයා ගතහැකි වී තියෙන්නේ බිලියන 5යි . දුර්වල ආර්ථික කළමනාකරණය නිසා දවසට බිලියන 2 බැගින් ණයවී වසර 5 ට රුපියල් බිලියන 2*365*5=3650 ලෝකෙට ණයවී තියනවා ( ඩොලර් බිලියන 20ක්) . මෙහෙම තවදුරත් යන්න පුලුවන්ද?මෙය දරුණු ආර්ථික ගැටළුවක්. දේශපාලන කෝණයෙන් බලන්න එපා .

:       106       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 247 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1598 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site