(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගය විවෘත කිරීම සඳහා මාතර ගොඩගම පැවති සමාරම්භක උත්සවය ආවරණය කිරීමට දේශීය මාධ්‍යවේදීන්ට අද (23) අවස්ථාව හිමි නොවීය.
දේශීය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර ලබා දී නොමැති බවත් විදේශීය මාධ්‍යවේදීන්ට පමණක් එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ ලබා දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක නිලධාරීන් පැවසූහ.
ගොඩගම අධිවේගී පිවිසුම අසල රැඳී සිටි මාධ්‍යවේදීන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ද කටයුතු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්ම ගමනට එතනෝල් ලොරියකුත් ගිහින්. ප්‍රශ්නේ එ්කයි...
දෙවන පාරටත් විවෘත කරන එක රෙද්දක් ඇඳගෙන පත්තරවල දාන්න පුළුවන්ද?
ඔච්චර අතේ පත්තුවෙන බොරු කියන්න එපා...
සමහර විට ගෝඨාභය මහත්මයා තීරණය කළාද දන්නේ නැහැ... බොරු උත්සව අවශ්‍ය නැහැ කියලා...
ඕකනේ ඕනේ කියපු නිදහස... එ්ක තමයි ඔය පටන් ගත්තේ...
සිරසේන නම් බ්‍රේකින් නිවුස් වලටත් පෙන්නුවා...
මේ අය ගේන්න කඩේ ගිය කොයි කාටත් ඔය ටිකම තමයි වෙන්නේ. බොහොම හොඳයි. මංගලට, ශ්‍රීපතිට වුණෙත් ඔය ටිකම තමයි. අන්තිමට නගින්න දුන්නු ඉනිමගට පයින් ගැසීම ඔවුන්ගේ නියායයි.
දැන් රාජපක්ෂලාට පූර්ණ පක්ෂපාතී ප්‍රචාර දීලා උඩින්ම උස්සලා තිබ්බේ මේ අයම නේද? උදයංග වීරතුංග ගැන, ශ්‍රී ලංකා ගනුදෙණුව ගැන, ළඟදී රාජපක්ෂලා දෙන්නෙක් සී.අයි.ඩී. ගිය කතාව දන්නෙම නැද්ද? ඔබට දැන් සතුටුයිද? එජාප ආණ්ඩුවෙන් කරපු දෙයක් රෙදි ඇඳගෙනද නැවතත් විවෘත කළේ? මාස තුනකුත් ඉවරයි. එතකොට ජනතා සහන?
දැං නාහිං අඬලා මොනවා කරන්නද? මේ දෙගොල්ලන්ම එක බව, හය හතර නොදන්නා මේ මිනිසුන්ට දැන්වත් වටහලා දෙන්න. කඩේයාම නවත්වලා...
මේ උත්සවයේදී කියන්න ඇති අපි තමයි පහුගිය මාස 3ට මේක හැදුවේ කියලා. අපේ අයට දැං හරි සැප ඇති...
කොහොමද අලුත් ආණ්ඩුව මාස 3න් හදපු පාර..?
මහින්ද රාජපක්ෂ යුගයේ අවසානයේ තමයි හම්බන්තොට හයිවේ එකේ වැඩ පටන් අරන් තිබුණේ චින්නුන්ට දිලා වැඩ අවසන් කරන්න තිබුණේ 2019 අගෝස්තුවේ ඒත් නිසියාකාරව වැඩ අවසන් නොවු හයිවේ එකේ බරවාකුඹුකෙන් එහා මත්තල හම්බන්තොට දක්වා ගිය ජනාධිපතිවරණයේ ඡන්ද ලබාගැනීමට පැවති ආණ්ඩුව ක්‍රියාකලා ඒත් හම්බන්තොට යන අයට යන්න උනේ මාතරින් හයිවේ එකෙන් එළියට ඇවිත් ගාලුපාර දිගේ යන්න බරවාකුඹුකට ගිහින් හම්බන්තොට දක්වා හයිවේ එකේ යන්න මොකද මාතර හා බරවාකුඹුක අද තමයි ඕපන් කලේ දැන් කොට්ටාවේ ඉදලා කෙලින්ම හම්බන්තොට යන්න පුළුවන්.
මර්ධනය පටන් අරගෙන...
ඔය පටන් ගත්ත විතරයි. ඡන්දෙ දිනලා මාස දෙක තුනක් ගිය විට මාද්‍යවේධින්ට බොහෝ දේවල් වලට තහංචි පැනවෙයි
මේකෙ කමෙන්ට්ස් දාපු එවුන් ඉන්නේ එක්කෝ පිටරට නැත්නම් ගොලු බිහිරි අන්ධ නැත්නම් පිස්සු.. යහපාලන රජය විවෘත කලේ බරවාකුඹුර සිට මත්තල දක්වා කොටස් දෙකක්.. ඊයේ විවෘත කල මාතර ගොඩගම සිට බරවකුඹුර දක්වා කොටසයි.. අද සිට දිගටම යන්න පුළුවන්.. හරි දේ හරියට බලලා ඇත්ත කතා කරන්න පුරුදු විය යුතුයි.. කවුරු කළත්, කවුරු විවෘත කළත් මේකට වැය වුනේ ජනතා මුදල්... වටිනා වැඩක්..
එන්න දීලා නැත්තේ කාටද?
ඉතා හොඳ තීරණයක්.
මේ වගේ වැඩ වලින් නම් නැවතත් කරලියට එන්නේ, ඉක්මනටම ජනතාව ඒ ගැන තීරණයක් ගනීවි. ජනතාවගේ සල්ලිවලින් හදපු මේ වැඩවලට මොකටද මේ වගේ උත්සව!. ජනාධිපති මේවා නවත්ත ගත්තේ නැත්තනම් පාර්ලිමෙන්ත්තුවේ සුළුතරයක් වෙලා තමයි නතරවෙන්නේ.
අපේ මාධ්‍යවේධියෝ යන්නෙම කාගේ හරි කුණු හොයන්නනේ, ඒක නිසා වද්දගත්තේ නැද්ද දන්නේ නැහැ.
කරුණු හරි හැටි දැනගෙන කොමෙන්ට් කරමු. අපි හරි ඉක්මනින් දුර්වල තීරණ ගන්න ජාතියක් නොවෙමු. ඉවසලා ඉවසලා බැරිම තැනයි ඉවසිය යුත්තෙ. සන්සුන් වන්න. කෝහෙද දෙවියනෙ අපි මේ දුවන්නෙ. පොඩ්ඩක් නැවතිලා බලන්න. තෙරුවන් සරණයි!
දින 100 වැඩ, ඉදිරියේදීත් නුවර පාරත් අරින්න තියෙනවනේ.
මහවැලි සංකල්පයත් සිරිමාවෝගේ කාලේ ගෙනාපු සංකල්පයක් සංකල්ප යථාර්තයක් කිරීමයි වැදගත්...