
(ඔගස්ටින් ප්‍රනාන්දු)
නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුගේ රාජකාරියට බාධා කළ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියකු කීය.
මැතිවරණ නිතී රිතී උල්ලංඝනය කරමින් නවගත්තේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයන් හි රථ පෙළපාළියක නිරතව සිටියදී නීතිය ක්‍රියාත්මක කිරිමට ගිය පොලිස් ස්ථානාධිපතිට බැන තිබේ.
මෙම අපේක්ෂකයා අද (2) රථවාහන හතරක මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් තමාගේ නම අංකය හා පක්ෂයේ නම දක්වමින් ස්ටිකර් අලවා ගෙන වාහන නවගත්තේගම ප්‍රදේශය පුරා පෙළපාළියකින් සංචාරය කරමින් සිට ඇත.
පසුව ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සිය දින සටහන් පොතේ සදහන් කරමින් සිය උසස් නිලධාරින්ට දන්වා තිබේ.
මෙම පැමිණිල්ල අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.