(රංජිත් රාජපක්ෂ)
තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දිවියන් සහ වන සතුන් ආරක්ෂා කර ගැනීමට වතු අධිකාරිවරුන් සමඟ වනජිවි දෙපාර්තුමේන්තුව ආරම්භ කර ඇති මදු ගැලවීමේ ව්‍යපෘතිය සාර්ථකව සිදුකරමින් සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
තේ වතු ආශ්‍රිතව ජිවත් වන වතු කම්කරුවන් අමතර ආදායමක් ලබා ගැනීම සදහා වතු නිවාසවලට යාබදව සහ තේ වතු ආශ්‍රිතව තිබෙන රක්ෂිත යාබදව පිහිටි මුඩු ඉඩම් වල එලවළු වගා කරන බවත් , එලවළු වගා විනාශ කරන වල් ඌරන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා අටවනු ලබන මදු වලට දිවියන් හසුවන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
වල් ඌරන් දඩයම් කිරිමට වල් ඌරන් සහ වන සතුන් ගමන් කරන මාර්ග ඔස්සේ දිවියන් ඉව අල්ලමින් රාත්‍රී කාලයේ සැරිසරන බවත්, එම මදු වලට දිවියන් මෙසේ හසු වන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය.
වතු කම්කරුවන් දිවියන් දඩයම් කිරිමට මදු අටවන්නේ නොමැති අතර 2020 වසරේ පමණක් නල්ලතන්නිය වනජිවී කලාපය තුළ කළු කොටියා ඇතුළු පන්තරා පාදුස් වර්ගයේ දිවියන් හය දෙනෙකු මදු වලට හසු විය. ඉන් දිවියන් තිදෙනෙකු බේරාගත් බවත් කළු කොටියා සහ තවත් දිවියන් දෙදෙනෙකු මිය ගිය බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය.
තම වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වගා භුමිය වටා කම්බි වැටක් හෝ සුදු ඉටි රෙදි ඇදීමෙන් එළවළු වගාව තරමක් දුරට ආරක්ෂා කර ගැනීමට හැකි බවත් තේ වතු ආශ්‍රිතව වගා භුමි අවට අටවා තිබු මදු විශාල ප්‍රමාණයක් මේ වන විට ගලවා ඉවත් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ සදහා වතු අධිකාරිවරුන්ගෙන් නොමද සහයෝගයක් ලැබුණු අතර තම කාර්යාලයේ නිලධාරින්ද තේ වතුවලට ගොස් වතු කම්කරුවන් හා වතු අධිකාරිවරුන් දැනුවත් කිරිමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන බව කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තේ වතුවල ඇටවූ මදු ගලවා ඉවත්කරයි
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 June 2020 09:08 AM
සතුටට කරුණක් ..!!! මේ මදුගලවා පමණක් සෑහීමකට පත් වෙන්න බැහැ.. මොවුන්ට මෙහි ඇති ගැඹුරු තත්වය ගැන අවබෝධ කරවීය යුතුයි. වතු කම්කරුවන් මෙන්න කියලා ඇත්ත කියයි. හිතක්, පපුවක් තියෙන මිනිසුන්ට මෙහෙම සතුන්ට පුඩු තියන්න බැහැ. මේ වනජීවී අංශවලට ඔයා සුරංගනා කතා ඇත්ත වුණාට අප මෙහි ඇත්ත දන්නවා. දඩමස්වලට ප්‍රිය මේ මිනිස්සු මේ කොටින් හසු වුණාම කවුරුවත් ආවේ නැතිනම්, සතුන් මරා මස්ටික උයන් කාලා හම්, දත්, විකුණා ගන්නවා. මං මේ නිකමට අහන්නේ.. මේ දිවියන් ටික සිංහල මිනිසුන් මරුවා නම් නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා නේද? සමහර දෙනා මස් වැද්දන්ව හුරතල් කරනවා.
lion Tuesday, 30 June 2020 10:39 AM
දැඩි දඬුවම් දෙන්න... ඇප දෙන්න එපා. මේ ලස්සන සතා විනාශ කරන්න දෙන්න එපා.