(රංජන් කස්තුරි)
තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට බලතල පවරමින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා යටතට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිසම, භාෂා අධ්‍යාපාන හා පුහුණුව පිළිබඳ ජාතික ආයතනය, මානව සම්පත් සංවර්ධන කිරිමේ ශ්‍රී ලංකා ජාතික සභාව, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ බාර අරමුදල පවරා තිබේ.
රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට පවරාදී ඇත්තේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, ඩිස්ටන්ස් ලර්නිං සෙන්ටර් ලිමිටඩ්, මිලාදොර ආයතනය පවරා ඇත.
මේ අතර ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පවරා දී ඇත්තේ භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුව තිබෙන ඌන උපයෝජිත වත්කම් පමණි.
COMMENTS
ඔව් නිකන් තියාගෙන බලතල දීලා මදි.. ඒවා ක්‍රියාත්මක කරන හැටි බලන්නත් ඕනේ...
ඇමතිවරුන්හට, රාජ්‍ය ඇමතිවරුන්හට , රාජ්‍ය ආයාතන පැවරීම කරන ලෙස ජනාධිපති උපදෙස් දීලා දින කියක් ගත උනාද? ජනාධිපතිතුමනි, තම අමාත්‍යවරුන්හට දෙන උපදෙස් නොපිලිපැදීම තුලින් දැකිය හැක්කේ කුමක්ද? අනිකුත් රාජ්‍ය සේවකයන්ගෙන් බලාපොරොත්තුවිය හැක්කේ කුමක්ද? ලෝකෙට පරකාසේද? ගෙදරට මරගාතේද? දැනුයි අපිට වැටහෙන්නේ රාජ්‍ය අකාරක්ෂමභාවයේ මුල. රට ඉදිරියට යයිද?