(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය කැබිනට් නොවන අමාත්‍ය රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කිරිම අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) ඉවත් කරගනු ලැබීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ අවසන් කැබිනට් රැස්වීම ජනාධිපති කාර්යාලයේ දී අද (11) පෙරවරුවේ පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මෙම කැබිනට් පත්‍රිකා දෙක ඉවත් කරගෙන ඇත.
ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් ද අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කරන ලෙස ඉල්ලා ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් ද වෙන වෙනම කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබිණි.
එම කැබිනට් පත්‍රිකා දෙක මීට සති දෙකකට ඉහතදී ඉවත් කර ගෙන ඇතැත් එය අද පැවැති කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට ද ඇතුළත් ව තිබිණි.
කැබිනට් රැස්වීම අද ආරම්භ වූ අවස්ථාවේදී අදහස් දක්වමින්, එම කැබිනට් පත්‍රිකා දෙක න්‍යාය පත්‍රයෙන් ද ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
536
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති-ඇමැති පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කරන කැබිනට් පත්‍රිකා ඉවත් කරගනී
විනිවිද Monday, 11 November 2019 05:31 PM
ජනාධිපතිවරයා සහ කැබිනට් නොවන අමාත්‍ය රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හට වසර 5න් පසු විශ්‍රාම වැටුපක් පවා ලබාගැනීමට හැකිනම් එම අවස්ථාව ඔවුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩල ස්ථිර කොට ඔවුන්ටත් ලබාදීමට නුසුදුසු මන්ද ? මෙම සේවයන්හි යොදවන්නේ ඉතාම විශ්වාසවන්ත පුද්ගලයන් නිසා වසර 5 න් පසු විශ්‍රාම වැටුපක් ලබාගැනීමට අවස්ථාවක් තිබිය යුතුය. එසේ නොමැතිනම් මොවුන් අතරමං වනු ඇත. සමහර කාර්ය මණ්ඩල නිලධාරීන් දුෂණයට සහ පගාවට අවස්ථව සලසන්නේ ක්‍රමවත් ක්‍රමවේදයක් නොමැති නිසා වන්නට පුළුවන්.
Bamunuarachchi Tuesday, 12 November 2019 08:11 AM
යන යකා කොරහත් බිඳගෙන යන්නයි හැදුවේ. මෙහෙම කෙනෙක්නේ අපේ ජනාධිපති වෙලා හිටියේ.