(සුජිත් හේවාජුලිගේ )
අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවසේ .
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යම පළාතේ රෝහල් පහේ ඇඳන් 1200ම මේ වෙනවිට පිරී ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය .
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා පළාතේ තවත් රෝහල් එකොළහක් සූදානම් කරගෙන යන බවත් දැනටමත් රෝහල් දෙකක් සූදානම් කර අවසන් බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය .
මධ්‍යම පළාතේ සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දාහක් සූදානම් කරගෙන යන බවද නිහාල් වීරසූරිය මහතා පැවසුවේය .
මේ අතර මධ්‍යම පළාතෙන් පෙරේදා( 1)වනවිට කොවිඩ් ආසාදිතයන් නම දහස් හාරසිය හැටක් වාර්තා වී ඇත .
කොවිඩ් වැළඳීමෙන් මධ්‍යම පළාතේ මියගොස් ඇති සංඛ්‍යාව 95කි.
මේ අතර කොවිඩ් රෝගීන් ඉහළ යෑම නිසා අංගොඩ බෝවන රෝග විද්‍යායතනද රෝගීන්ගෙන් පිරී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය .
කෙසේ වෙතත් අලුතින් රෝගීන් භාරගැනීමට කිසිදු බාධාවක් නැතැයි ද ඔහු කීය .
කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සියලු ඇඳන් මේ වන විට පිරි ගොස් ඇතැයි කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසේසඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය .
කොවිඩ් ආසාදිතයන් හතළිස් දෙනකු නිවෙස්වල පසුවන බවත් ඔවුන්ට ද රෝහල් පහසුකම් සපයාදීමට කටයුතු කරගෙන යන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය .
උඳුගොඩ රෝහලේ රෝගීන් එකසිය තිස් දෙනෙකු ද රඹුක්කන රෝහලේ රෝගීන් අසූ දෙනකු ද බෙලිගල රෝහලේ රෝගීන් හැත්තෑ දෙනකු ද වරකාපොල රෝහලේ රෝගීන් දෙසිය පනස් දෙනෙකු ද පින්නවල රෝහලේ තුන්සිය තිස් දෙනකු ද කිතුල්ගල රෝහලේ එකසිය හතළිස් දෙනෙකුද දැනට ප්‍රතිකාර ලබන බව වික්‍රමසිංහ මහතා කීය.
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් සිව් දෙනකු මියගොස් තවත් 35 දෙනකු තුවාල ලබා ඇතැයි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෝවිඩ් මධ්‍යස්ථාන, රෝහල් ඇඳන් පිරෙයි
Nishan Sunday, 02 May 2021 08:49 AM
ආණ්ඩුව බලාපොරොත්තු වුණා... මෙවැනි තත්වයක් ඇති කරලා මැයි දිනයේ ආණ්ඩු විරෝධය රටටම පේන එක වළක්වා ගන්න. පහුගිය කාලේ පී.සී.ආර්. පරීක්ෂණ ඇල් මැරුණු ස්වභාවයෙන් කළේත් සිංහල අවුරුදු කාලෙට රටම ඇරියෙත් ඒ නිසයි...
Vira Sunday, 02 May 2021 09:04 AM
අපට වරදින්න හේතුවක් නැහැ. කහ පැළයක් හිටවලා ඒකටත් වඳින මිනිස්සු අපි... අැයි දැක්කේ නැද්ද?
ගමේ එකාලා Sunday, 02 May 2021 09:05 AM
පැණි දුන්න අය කෝ කොරෝනා ඇවිල්ලා.? මහ ලොකුවට පාරම්බාපු වෙදාලා දැන් කෝ.
simeris Sunday, 02 May 2021 11:02 AM
රෝගීන්ට හුස්ම ගන්න පහසු වෙන්න මුඛ ආවරණ ගලවලා ඉන්න දෙන්න.