IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොරෝනා හේතුවෙන් නැවතුණු දුම්රිය කිහිපයක් යළි ධාවනයට

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ධාවනය නොකෙරුණු දුම්රිය කිහිපයක් ලබන 18 වැනිදා සිට යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගල්කිස්ස / කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා දිනපතා අළුයම 5.10ට ධාවනය වූ අංක 4021 දරණ දුම්රිය, කන්කසන්තුරේ සිට කොළඹ කොටුව හා ගල්කිස්ස දක්වා දිනපතා පස්වරු 1.15ට ධාවනය වූ අංක 4022 දරණ දුම්රිය, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දක්වා දිනපතා පෙරවරු 6.45ට ධාවනය වූ අංක 1001 දරණ දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වූ අංක 1002 දරණ දුම්රිය මෙලෙස යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) කාර්යාලයේ අධිකාරී (වාණිජ) බණ්ඩාර චන්ද්‍රසේන මහතා පැවසීය.

මෙම දුම්රියන් මෙම මස 18, 19 සහ 20 යන දිනයන්හි ධාවනය කරවීමට දැනට පියවර ගෙන ඇති අතර ඒවායේ කලින් ආසන වෙන්කිරීමේ පහසුකම් ද සලසා දී ඇතැයි ඔහු සඳහන් කළේය. 

 



අදහස් (0)

කොරෝනා හේතුවෙන් නැවතුණු දුම්රිය කිහිපයක් යළි ධාවනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site