
(තිලකරත්න දිසානායක)
කොරෝනා වයිරසය මර්ධනය පිනිස වන එන්නත ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සහ වරින් වර තීරණ වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම මත හෙට (27) සිට ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළෙන් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත.
අද (26) දින සිට ලබන මස 5 වෙනි දින තෙක් " ඇස්ට්‍රා සෙනෙකා " එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 225 ක පමණ වයස අවුරුදු 60 වැඩි තැනැත්තන් සඳහා ලබා දීමට සැලසුම් කර තිබූ මුත් එය වයස අවුරුදු 30 වැඩි තැනැත්තන්ටද ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෙනස් කිරීම මත එන්නත ලබා දෙන වසම් සංඛ්‍යාව 75 ක් පමණ අඩුව ඇති බැවින් සැලසුම් කර තිබූ කටයුතු අවුල් සහගත තත්වයකට පත් වන බැවින් එන්නත ලබා දීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් හෙට (27) සිට ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් එන්නත ලබාදීම පිනිස අදාල ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා සංවිධාන ආදිය සම්බන්ධ කර ගනිමින් සකස් කළ සැලසුම් අවුල් සහගත තත්වයකට පත් වීමෙන් කටයුතු කිරීමට නොහැකි බව සදහන් කළ දිස්ත්‍රික් සභාපතිවරයා, වරින් වර තීරණ වෙනස් කිරීම නොවිය යුත්තක් බවද කීය.
COMMENTS
අපේ සර් දැන් ශවේන්ද්‍ර සර්ට කියලා. සුවවිරුවන් පැත්තකට දාලා රණවිරුවන්ට කියලා එන්නත දෙයි.. කොහොමද සර්ගේ වැඩ...? රෙස්පෙක්‍ට් සර්..
මෙවැනි සුළු සැලසුමක් හදාගන්න බැරි ආණ්ඩුව අනිකුත් මහා පරිමාණ සැලසුම් හැදීම ගැන කවර කතාද?
රටම කිසිම විනයක්, පාලනයක් නැතිව ඉබාගාතේ යන ගමනක්....
පොරොන්දු වුණේ නම් “එක රටක් එක නීතියක්“ කියලා, ඒ වුණාට තවම “එක ගමකට එක නීතියක්“ වත් බැහැනේ? ඉබාගාතේ යන මනුස්සයාත් මීට වඩා පිළිවෙලයි වගේ.