ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය දින කිහිපයේදීම හැටදහස ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වූයේ යැයි එරට ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරයි.
පසුගිය 8 වැනිදා ඇමෙරිකාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 62,751 දෙනකු, ජූලි 9 වැනිදා ආසාදිතයන් 58,496 දෙනකු සහ 10 වැනිදා 67,211 දෙනකු වාර්තා වූයේ යැයි ද එම පුවත්පත වාර්තා කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සෙනසුරාදා දිනයේදී පමණක් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 62,779කි.
මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
රොයිටර්ස් පුවත් සේවයට අනුව අද (12) පස්වරු වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 32,63,154කි. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 1,34,661කි.
‘ද වොෂින්ටන් පෝස්ට්’/රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසට එච්චර හොයාගන්න තරම් ටෙස්ට් කරන... ඒ වගේම ඇත්ත කියනවා ලංකාවේ ටෙස්ට්වල ප්‍රතිඵල දෙන්නේ රජයට වාසි විදිහට... ඇමරිකාවේ ලෙඩ්ඩු වැඩි තමයි ඒත් මරණ අඩුයි දැන්..