
(ජයන්ත සමරකෝන්)
කෝවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස තවදුරටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් සඳහා රාජකාරි වේලාවන් වන පෙරවරු 8.00-පස්වරු 4.30 දක්වා පහත දුරකතන අංක මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ හා සම්බන්ධ විය හැකි බවද, එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
ගමන් බලපත් අංශය - 0707101060/ 0707101070
පුරවැසි අංශය - 0707101030
විදේශ දූත මණ්ඩල අංශය-0115-329233/ 0115-329235
වීසා අංශය-0707101050
තොටුපළ අංශය-0777782505
වීසා අංශය-
[email protected]
[email protected]
[email protected]
[email protected]
COMMENTS
අනේ ඉතින් මහජනතාවට වසා දමන එකනේ හැමදාම කරේ. පුදුම වෙන්නේ දෙයක් නැහැ. මොනවා නැතත් ලොකු මිනිස්සු ටික පඩියයි දීමනා ටිකයි වෙලාවට ගනියි.