IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවශ්‍යම දේට පමණක් ජලය පරිහරණය කරන්න

(නිමල කොඩිතුවක්කු)

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජාතික ජල ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල ධාරිතාවක් පහළ බැසීම සහ එළඹ ඇති උත්සව සමය නිසා ජල පාරිභෝජනය ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද මණ්ඩලය නිවේදනය කරයි.

මේ හේතුවෙන් දවසේ පැය 24 පුරා එකම ධාරිතාවකින් ජල සම්පාදනය කිරීමට අපහසුතා පැන නැගී ඇති බවත් උස් බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදාහැරීමේ දී අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවත් ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනය තවදුරටත් සඳහන් වේ.

අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නළ ජලය බාවිතාකර ජලය නොලැබෙන පාරිභෝගිකයන්ගේ බීමට අවශ්‍ය ජලය ලබා දීමට ලබාදීමට සහයෝගය දක්වන ලෙසත් එම මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 



අදහස් (4)

අවශ්‍යම දේට පමණක් ජලය පරිහරණය කරන්න

SL Wednesday, 07 April 2021 01:52 PM

ඒක තමයි කියන්නේ රටේ භූගත ජාල මට්ටම පාලනය කරන වනාන්තර ටික, කඳුකර වන පද්ධතිය ටවුමක නම් ටවුමෙන් මීටර 200 කින් උඩ ඇති සියලුම වනාන්තර ටික, තෙත්කලාපයේ තියෙන වන ගහනය (විශේෂයෙන් ජල තට්ටුව උඩින්ම තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ බහුතර ජල ප්‍රමාණයක් බීමට සුදුසු නැති තත්වයකට පත්වෙලා) බේරගන්න කියලා භූතානයෙන්වත් ඉගෙනගෙන, හරියට වනාන්තර ටික රැකගත්තා නම් ලෝකයේ සුපිරිසිදු වතුර තියෙන රටක් අපි...

:       5       12

PradeepWednesday, 07 April 2021 04:50 PM

වනාන්තර සහ ජලය රැකගන්න අපගේ ජනතාවගේ තියන උනන්දුව එහෙමත් නැත්නම් මේ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත්කම වටහාගෙන තියන හැටි මේ කමෙන්ටුවට වැටිලා තියන ඩිස්ලයික් වලින්ම පේනවා. පාලකයින්ගේ විතරක් නොවෙයි සමස්ත ජනතාවගේම ඔළු හෝදන්න වෙලා තියෙන්නේ.

:       0       1

wicky Thursday, 08 April 2021 02:29 AM

පුලුවන් තරම් ගස් කපනවා. වත්තෙ වවල තියෙන ගහ උනත් කපන්න කියනව රජයෙම නිළදාරීන් නියෝග දෙනවා. නිරපරාදේ කොලයක් වැටෙනවා කියල ගස් කප්පොනවා.( කිසිම කෙනෙක්ට හානියක් නැති ) ඊට පස්සේ හැම තැනම ලොකු ලොකු අය ගස් ටික කපල දානවා. ඔක්සිජන් හැදෙන්න ගස් ඔනි නැලු නේ. ඉතින් ඔක්කොමත් හරි, අන්තිමට පොඩ්ඩක් පායනකොටම, වතුර නැ විදුලි බලය නිශ්පාදනය කරන්න නම් අඩුම ගාගෙ ඩීසල් වලින් හරි කරන්න පුලුවන්, නමුත් බොන වතුර ?? කරන්න ඔනි දෙ නොකර අන්තිමට මිනිස්සුන්ට කියනවා වතුර පාවිච්චිර අඩු කරන්න කියල. පොඩ්ඩක් හිතන්න, ගෙවල් වල වගා කරන්න කියල, එහෙම වගා කරපු මිනිස්සු, ඔය වතුර හැරෙන්න වෙන කොහෙන්ද වතුර ගෙන්නෙ? මොකො ලිදක් කපන්න ඉඩ තිබ්බත් දැන් ලිදක් කපන්න පුලුවන්ද... මායිමටම කරල ගොඩනැගිලි හදන්න අවසර දෙනවා. ලිදටම වෙන්න කකුස්සි වල කපනවා කොහොම කලත්, මෙ රටෙ වැහි අඩු කාලයක් එනව කියල දැන දැනත් කිසිම රජයක් ඒකට අවශ්‍ය පියවර නොගන්න එක ගන නම් මාරම කනගාටුයි

:       0       1

දිමුත් Thursday, 08 April 2021 03:34 AM

එන්න තව ගස් කපමු!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13434 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 87 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 922 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site