අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නියමයන් උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.
අද (ඔක්තෝබර් 15 වැනිදා) සිට දින 14 ක් ඇතුළත ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව සනත් ජයසූරිය මහතාට දී තිබේ.
ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ පහත සම්බන්ධ කාරණා සම්බන්ධයෙනි.
2.4.6 වගන්තිය
සාධාරණ හේතුවකින් තොරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම. දූෂණ මර්දන කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයකදී දූෂණ මර්දන ඒකකය විසින් ඒ සම්බන්ධයෙන් ඉල්ලා සිටින ලේඛන හෝ නිවැරදි තොරතුරු සම්පූර්ණ වශයෙන් සැපයීමට අපොහොසත් වීමද මෙම කොටසට ඇතුළත් වේ.
2.4.7 වගන්තිය
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය විසින් කරනු ලබන පරීක්‍ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම, ඒවායින් ආවරණය වී සිටීම, අදාළ ලේඛන නැතහොත් එවන් දූෂණ මර්ධන නීති යටතේ පරීක්‍ෂණවලට අදාළ හෝ සාක්ෂි වශයෙන් ගතහැකි ලියකියවිලි වෙනස් කිරීම හෝ විනාශ කිරීම.
මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා 2018 ඔක්තෝබර් මස 15 වැනිදා සිට දින 14 ක කාලයක් ජයසූරිය මහතාට තිබේ. එතෙක් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කිසිවක් ප්‍රකාශ නොකරනු ඇත.
- අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය නිවේදනයකි
![]() |
|
2025 දෙසැම්බර් මස 04
37
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
339
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා
wedage Monday, 15 October 2018 11:09 AM
මේ ඉන්දියානු ක්‍රිකට් කොම්පැනි (අයි සි සි ) එකෙන් අපේ ක්‍රිකෙට් වීරයන්ට මඩ ගහන්න ලොකු උත්සාහයක් තියෙනවා එය පරාජය කිරීමට එක්වෙමු.
සතයපාල Monday, 15 October 2018 11:30 AM
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයට හිතුමතේ රටවලට ඇතුල්වෙලා ඒ රටවල ආණ්ඩුවල අවසරයකින් තොරව පරික්ෂණ කරන්න පුද්ගලයන් හා භාණ්ඩ තම භාරයට ගන්න අවසර හා අවකාශය හිමිවන්නේ කුමන නීතිමය තත්වයක් යටතේද යන්න නීතිය නිවැරදිව දන්නා අයෙකුට පහදා දිය හැකිද ?
isurandi Monday, 15 October 2018 01:35 PM
ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටෙන් නැත්තටම නැතිකරන්න වගේ මේ නම්...
මිල්රෝයි Monday, 15 October 2018 01:41 PM
නූතන සනත් ජයසූරියට වඩා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට අපි තාමත් ආදරෙයි. ඔහු අතීතයේ ක්‍රීඩා කරපු තරඟවල වීඩියෝපට අපි තවමත් ආසාවෙන් නරඹන්නේ ඒ නිසයි.
Hafeel Monday, 15 October 2018 01:43 PM
දේශපාලනයට ඇවින් නිකම් මඩ ගාව ගත්තා.
රුවන් Monday, 15 October 2018 01:58 PM
දේශපාලනය ගෑවී ඇත්නම් දූෂණ එතන ඇත ..
Ravindu siriwardana Tuesday, 16 October 2018 03:37 AM
හැම දේම දේශපාලනේ තමයි...