
ඇම්බර් කුට්ටියක් තුළ සංරක්ෂිතව තිබූ පිහාටු සහිත ඩයිනෝසර් වර්ගයේ සතකුගේ වලිගයක් මියන්මාරයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩයිනෝසර් සතකුට අයත් කොටසක් ඇම්බර් තුළ තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව කැනඩා රාජකීය කෞතුකාගාරයේ විද්‍යාඥ රයන් මැකෙලර් පවසයි.
මියන්මාරයේ මිට්කිනා නගරයේ ඇම්බර් වෙළඳපොලක තිබී මෙම ෆොසිලය සහිත ඇම්බර් කුට්ටිය සොයාගෙන ඇත්තේ චිනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ ලිඩා සිං විසිනි. ආභරණ නිපදවීම සඳහා ඇම්බර් කුට්ටිය ඔපදමා තිබුණු අතර එහි හිමිකරුවා පවසා ඇත්තේ ඇම්බර් කුට්ටිය තුළ දක්නට ලැබුන දෙය ගසක අතු කැබැල්ලක් යැයි සිතා සිටි බවයි. කෙසේ වුවද සියුම්ව පරීක්ෂා කිරීමේදී එය සතකුට අයත් කොටසක් බව සොයා ගන්නා ලදී. ලිඩා සිං පවසන්නේ මෙම සතා ප්‍රමාණයෙන් දෙමලිච්චකු තරම් විය යුතු බවයි.
මෙම ෆොසිලයේ අස්ථිය, මාංශමය කොටස්, පිහාටු සහ හම යන සියල්ලම සුරක්ෂිතව තිබීම පුදුම සහගත කරුණත් බවත් මෙයින් වසර දශලක්ෂ 120කට පමණ ඉහත ජීවත් වූ ඩයිෙෝසරයන් ගැන තවදුරටත් කරුණු හැදෑරීමට ද සත්ත්ව පරිණාමය සම්බන්ධව හැදෑරීමට ද මහගු උපකාරයක වනු ඇති බවත් විද්‍යාඥයින් පවසයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ
mahee Monday, 06 March 2017 06:42 AM
අනේ අපටත් චාන්ස් එකක් දෙන්නකෝ මේකෙන් තලන්න කීප දෙනෙකුට.