IMG-LOGO

කෙල්ලකට ඔට්ටු අල්ලලා දෙදාහකට තට්ටු වෙලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා) 
නගරයේ කාර්යාලයක රැකියාවක් ලද ගමේ හැදී වැඩුණු ලැජ්ජාශීලී තරුණයකුට පෙම්වතියක් නොමැතිවීම පිළිබඳව උසුලු විසුළු කළ කාර්යාල මිතුරන්ට තරු පෙනෙන පාඩමක් ඉගැන්වූ පුවතක් කුරුණෑගලින් වාර්තා වෙයි. 


සිද්ධිය මෙසේය.


රැකියාවට අලුතින් පැමිණි මේ තරුණයාට පෙම්වතියක් නොමැතිවීම පිළිබඳව කාර්යාල මිතුරෝ නිතර උසුලු විසුළු කළහ. “මචං උඹ ඉස්කෝලේ යන කාලේවත් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැද්ද? උඹ කෙල්ලෙක්ගේ අතින් අල්ලලා පෙන්නුවොත් මම බෝතලයක් අරගෙන දෙනවා” යැයි මිතුරෙක් ඔට්ටුවක්ද ඇල්ලුවේය.


“මම අරක්කු බෝන්නේ නෑනේ” තරුණයා කීවේය. “හරි... රුපියල් දෙදහක් එහෙනම් ඔට්ටුයි” මිතුරා තරුණයාට අභියෝග කළේය. අභියෝගය භාරගත් තරුණයා මිතුරාට තරු පෙනෙන පාඩමක් ඉගැන්වීමට කල්පනා කළේය.


දහවල් කෑම පැය උදාවිය. තමා රේඛා ශාස්ත්‍රය දන්නා බව තරුණයා අසල සිටි මිතුරෙකුට කීවේ සෙසු මිතුරු මිතුරියන්ටද ඇසෙන ලෙසය. සියල්ලෝම කෑම කා අවසන් විය. කාර්යාලයේ සිටි අවිවාහක මිතුරියක් තම අත බලා අනාගතය ගැන කියන ලෙස තරුණයාට ඇවිටිලි කරන්නට වූවාය. තරුණයාද එකිනෙකාගේ අතින් අල්ලා ගෙන විවිධ කතා ගලපමින් කීවේය. මිතුරියෝද මහත් සතුටට පත් වූහ. 


මිතුරියන් පස් දෙනකුගේ අතින් අල්ලා ශාස්ත්‍ර කියූ තරුණයා ඔට්ටුව ඇල්ලු මිතුරා දෙසට හැරී “කෙල්ලෝ පස් දෙනෙකුගෙම අතින් ඇල්ලුවා කෝ දැන් දෙන්න ඔට්ටුව” යැයි කීවේලු. ලජ්ජාවට පත් මිතුරා තමාට වියදමට තිබූ මුදලින් ඔට්ටුව නිමවා “මමත් කරගත්ත ගොන්කමක්” යැයි තමාටම කියා ගත්තේලු. 



අදහස් (0)

කෙල්ලකට ඔට්ටු අල්ලලා දෙදාහකට තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site