(මනෝජ් හර්ෂික)
ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 70 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා අද (14) ණය ගිවිසුමක් අත්සන් කළ බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම ණය ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ද ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ඉඩා ස්වාරායි රිඩ්ඩිහෆ් මහත්මිය ද මුදල් අමාත්‍යංශයේ දී අද (14) අත්සන් කළාය.
මෙම ව්‍යාපෘතියේ සංවර්ධන ඉලක්කය ලෙස වගකීමෙන් හා වගවිය යුතු ආකාරයෙන් ප්‍රජාව වෙත සේවා සැපයීම සඳහා ප්‍රාදේශීය සැලසුම් පද්ධති ශක්තිමත් කිරීම, ප්‍රාදේශීය සේවා වැඩිදියුණු කිරීම හා ආර්ථික යටිතල පහසුකම් හා ආයතනික සංවර්ධනය තුළින් අදාළ පළාත් තුළ ආර්ථික සංවර්ධනයට සහාය වීම තුළින් පළාත් පාලන ආයතන සවිබල ගන්වමින් පළාත්වල ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීම බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතිය සඳහා මුළු ඇස්තමේන්තු ගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වන අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 70ක මුදල ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින්ද ශ්‍රී ලංකා රජය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 7ක් හා ඉතිරිය යුරෝපා සංගමය වෙතින් ප්‍රධානයක් ලෙසද ලැබෙන බව අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ... සල්ලි ලැබුණා... මට සදාකල් ජීවත් වෙන්න වෙඩි නොවදින මෙන්ම වැසිකිළි පහසුකම් තියෙන වාහනයක් ඕනේ. අනිත් රිලව් 224ත් ඕනේ නම් දැම්ම වෙන්කර ගන්න එකයි ඇත්තේ... සල්ලි ඉවර වෙන්න කලින්..
බලන්නකො රට උගස් තියලා ණය ගන්නකොට තියෙන ආඩම්බරය!