IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලංකාවේ ජාතික උද්‍යාන වෙත පිවිසෙන්න ඊ ටිකට්පතක්

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන වෙත පිවිසෙන සංචාරකයින් සඳහා ප‍්‍රථම වතාවට ඊ ප‍්‍රවේශ පත් නිකුත් කිරීමට සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ පාරිසරික සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.

ඊ ප‍්‍රවේශ පත‍්‍ර නිකුතුව මඟින් දෙස් විදෙස් සංචාරකයින්ට පහසුවෙන් ජාතික උද්‍යාන නැරඹීමේ අවස්ථාව උදාකිරීම මෙහි අරමුණ වේ.

විල්පත්තුව ජාතික උද්‍යානය සඳහා මෙම ඊ ටිකට්පත් නිකුත් කිරීම පළමුවෙන් හඳුන්වා දෙනු ලබන අතර  පසුව අනෙක් ජාතික උද්‍යාන සඳහාද මෙලෙස ඊ ටිකට්පත් නිකුත් කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.



අදහස් (1)

ලංකාවේ ජාතික උද්‍යාන වෙත පිවිසෙන්න ඊ ටිකට්පතක්

කමල් Wednesday, 16 January 2019 01:12 PM

බස් ටිකට් එක කවදාද ඊ-ටිකට් වලට මාරු වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site