IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුල් වසරේ මාස 10 තුළදී නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බි 7.9 ක් ඇස්තමේන්තු කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)
 
 
මේ වසරේ මුල් මාස දහය අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
 
එය ආනයනික මාස 4.2කට සමාන යැයි ද මහ බැංකුව පෙන්වාදෙයි.
 
දළ නිල සංචිත සහ බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ඔක්තෝබර් මාසය අවසානයේදී ඩොලර් බිලියන 10.4ක් වූ බවත් එය ආනයනික මාස 5.5කට සමාන බවත් මහ බැංකුව සඳහන් කරයි. 
 
මේ අතර මුදල් සංසරණය අඩු වීම සහ වාණිජ බැංකු තැන්පතු රඳවා ගැනීම හේතුවෙන් දෙසැම්බර් 21 න් අවසන් වූ සතිය හා සැසඳීමේදී දෙසැම්බර් 28 වැනි දිනෙන් අවසන් වූ සතියේදී සංචිත මුදල් අඩු වූ බව ද මහ බැංකුව සඳහන් පෙන්වාදෙයි. 

 



අදහස් (0)

මුල් වසරේ මාස 10 තුළදී නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බි 7.9 ක් ඇස්තමේන්තු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site