IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නොවැම්බරයේදී මතුපිට උද්ධමනය සියයට 1.0 යි

මේ වසරේ නොවැම්බර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 1.0ක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඔක්තෝබර් මාසයේදී 0.1ක අගයක පැවැති මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 1.0ක් වෙමින් පහළ යන ප්‍රවණතාව වෙනස් කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

මේ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ   (2013 =100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේදී එලෙස සියයට 1.0ක අගයක වාර්තා කර ඇත. 

නොවැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා සඳහා ආහාර මිල ගණන්වල ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට -6.6 සිට මේ වසරේ නොවැම්බර් මාසයේදී සියයට -3.9ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේ වුවත් ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට 5.8 සිට නොවැම්බර් මාසයේදී සියයට 5.2ක් දක්වා ඉහළ ගොස් ඇත. 

වාර්ෂික පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට 3.3 සිට නොවැම්බර් මාසයේදී සියයට 2.7ක් දක්වා පහළ ගොස් ඇති බව ද මහ බැංකුව පෙන්වාදෙයි.
‘2019 වසර සඳහා මූල්‍ය සහ අයවැය අංශවල ප්‍රතිපත්ති’ දැක්වෙන ‘මාර්ග දැක්ම 2019’ ජනවාරි 2 වැනිදා ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එහිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් අදහස් දැක්වීමට නියමිතය.

 

- 055



අදහස් (0)

නොවැම්බරයේදී මතුපිට උද්ධමනය සියයට 1.0 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site