IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන ඒකකයක්

( තිළිණි ද සිල්වා )

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන ඇත.

ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට අද (11) උපදෙස් දුන්නේය.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය යටතට ආයතන 8 ක් ඇතුළත් වන අතර ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය හා ශ්‍රීලංකා සම්මේලන කාර්යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය එම ආයතන වේ.  

මෙම ආයතනවලට අයත් කාර්යවලදී හා මෙම ආයතනවලට සම්බන්ධ කටයුතු වලදී මහජනතාව පීඩාවට පත්වීම් සම්බන්ධයෙන් තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇති හෙයින් මෙම පියවර ගත් බවද අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා කීය.

එමෙන්ම මෙම ආයතනවල අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ද තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇතැයි පෙන්වා දෙන ඇමැතිවරයා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.



අදහස් (0)

අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 460 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 462 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site