හිටපු මහාධිකරණ විනිසුරුවරියගෙන් පැය 4 ක් ප්‍රකාශ ගනී


(ඉන්දිකා රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මියගෙන් අද (20) පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

අද පස්වරු 1.00 කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි ඒ මහත්මිය පස්වරු 5.30 ට ඉන් පිටව ගියාය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)