( ඉන්දිකා රාමනායක )
අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධ සිද්ධියකට දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත.
ධම්මික හේමපාල මහතා පස්වරු 2.35 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
කොළඹ අපරාධ කොට්ඨාසය ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටී.