ප්‍රභාකරන් සැඟවුණු කැලෑවේ රහසිගත කඳවුරක් සොයා ගිය ගමන


උදේට නිවසින් එළියට බැස යන තම සැමියා, බිරිඳ, මව, පියා, දරුවන්, දෙමාපියන් ආපසු නිවසට එනු ඇත්දැයි මීට වසර දාහතරකට, පහළොවකට පෙර ජිවත් වූ මෙරට ජනතාවට බරපතළ සැකයක් තිබිණ. ඒ ඔවුන් ජිවත් වූයේ තව මොහොතකින් මරණයට කැපවු මිනිසුන් ලෙස වීමය. ඒ ජීවතය ඔවුන් ගත කළේ වසරක් දෙකක් හෝ තුනක් නොවේ. තිස් වසරකට ආසන්න කාලයක් තිස්සේය. ඒ තිස් වසරකට යුද සාපයේ අනිටු ප්‍රතිඵලයන්ය. ඒ සාපය නිමා කරනු ලැබුවේ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් එක ලෙස එකට බැඳී ගෙන ගිය ප්‍රතිප්‍රහාර හා සතුරාට එරෙහි සැලසුම් සහගත පහර දීම් විසිනි. 

මේජර් සුජිත් සිරංජීව කියන්නේ අති දක්ෂ පැරෂුට් විරුවෙකි. අඩි දහදාහක ඉහළ ගුවනේ සිට පැරෂුටය දිග නොහැර පැයට සැතපුම් 142ක වේගයෙන් පහළට පැමිණ තත්පර 42ක කාලයක් ජාතික කොඩිය ඉහළ අහසේ ලෙළ දෙන්නට සැලැස්වූ එකම පැරෂුට් විරුවාය. එය වාර්තාවකි. ඔහු එම වාර්තාව තැබුවේ 1131 වැනි පැරෂුට් පිම්මේදීය. 
පැරෂුට් පැනීමෙන් දස්කම් පෙන්වීම වගේම ඔහු යුද සමයේදී කළ කාර්යභාරයද පැසසුමට ලක් කළ යුතුමය. ඔහු එකල ලද අත්දැකීමක් ගැන අපි පසුගිය සතියේ කතා කළෙමු. මේ ඔහු ලද තවත් බිහිසුණු අත්දැකීමකි. 


අපි කලින් කතාව කියද්දිත් නෙදුන්කේනි ඉඳලා කැලෑව ඇතුළට යද්දී සිදුවුණු ගැටුමක් ගැන කතා කළා මතක ඇති. මේ කැලෑව ආසන්නයේ තමයි “කෙන්ට් ෆාම්”, “ඩොලර් ෆාම්” කියන ගම්මාන දෙක තිබුණෙත්. මේ හැම තැනකටම ත්‍රස්තාවදීන් කඩා පැනලා සාමාන්‍ය ජනතාවට හිරිහැර කළා. ඒ නිසා මේ කැලෑවේ කොතැනක හෝ එල්ටීටිඊයේ කඳවුරක් ඇති බව අපි දැනගෙන හිටියා. නායක ප්‍රභාකරන් සැඟවී ඉන්නෙත් මෙතන කියා සැක කළා. ඒක හරියටම තිබෙන තැන අපි දන්නේ නැහැ. එතන ඉඳලා සැරෙන් සැරේට ගම් වදින ත්‍රස්තවාදීන් ගම්මානවලට කඩා පැනලා මිනිස්සුන්ට කරදර කළා. ළමයි පැහැරගෙන ගියා, පිරිමි පැහැරගෙන ගියා, සමහරුන් කපලා කොටලා ඝාතනය කළා. තවත් සමහරුන්ව කපලා කොටලා බරපතල තුවාල සිදුකරලා දාලා ගියා. එළුවෝ, කුකුළෝ වගේ සත්තු පැහැරගෙන ගියා. මේ සිදුවීම් නිසා ඒ අවට ජීවත් වුණ හැමෝම හිටියේ බියෙන්. සැකයෙන්. ඒ නිසා මෙවර අපේ මෙහෙයුම වුණේ මේ කඳවුර ගැන තොරතුරු සෙවීම් හා ඒ අනුව පහර දීමයි. 

 

එදා අපිට පහුබහින්න සිදුවුණත් ඒ වෙනකොට අපි ත්‍රස්තවාදින්ගේ ‘වන්ෆෝ බේස්’ එක ගැන විස්තර හොයාගෙන තිබුණා.. ඒක ඒ ප්‍රදේශයට තිබුණ ලොකුම කඳවුර. ඒ වගේම මේ කඳවුරේ ආරක්ෂාවට සැටලයිට් කෑම්ප් දාහතරක් තිබුණා. මේ සියලු විස්තර සමග අපේ සිව්වැනි මෙහෙයුම ක්‍රියාත්මක කළා. මුලින් අපි ගියේ ඔත්තු බලන්න.. තොරතුරු රැස් කරන්න. ඒ සඳහා ගියේ ‘ඩෙල්ටා පැට්‍රල්’ එකේ රෙකි කණ්ඩායම. දැන් හතරවැනි මෙහෙයුම වුණේ සොයාගත් තොරතුරු අනුව සෘජුව පහර දීම. ඒකට ගියේ අපේ ෆයිටින් පැට්‍රල් එක. මේ මෙහෙයුම නම් කළේ ‘අකුණු පහර’ කියලා. අපි තොරතුරු බලන්න කැලෑවට ගියේ ජනකපුරයෙන්. ඒ මෙහෙයුමේ විශේෂ බළකායේ වගකීම දැරුවේ කර්නල් හෙට්ටිආරච්චි ජෙනරල් පර්සි ප්‍රනාන්දු සහ මේජර් ශ්‍රීනාත්. 

 


මෙහෙම කියන කොට අහල පහල තැනක් වගේ හිතුනට ඒක මහා ඝන කැලෑවක්. ඇතුළට රිංගුවට පස්සේ ත්‍රස්තවාදියෙක් මුණ ගැහුණත් අතේ දුරදි තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ තරමට කැලෑව ඝනයි. ඒ වගේම ඒ කැලෑවේ ත්‍රස්ත කඳවුරක් හොයාගෙන යනවා කියන්නේ ත්‍රස්තවාදීන්ගේ පහරදීමකට කොයි වෙලාවේ ලක්වෙයිද කියන බය වගේම වන සතුන්ගේ පහර දීමකට කොයි වෙලාවේ ලක්වෙයිද කියලා කියන්න බැරි අවදානම් ගමනක්. නමුත් යුද්ධයේදී මොන අමාරුකමක් තිබුණත් අපි ඉලක්කයට යා යුතුයි. 


ඉතිං මේ ත්‍රස්ත කඳවුර පිළිබඳ තොරතුරු සොයන්න මෙහෙයුමක් පළමුව ක්‍රියාත්මක වුණා. ඒකට විශේෂ බළකායේ සහ කොමාන්ඩෝ බළකායේ නිලධාරින් හා සෙබළුන් තමයි යෙදෙව්වේ. ඒ කණ්ඩායමට කොමාන්ඩෝ බළකායෙන් මමත් ඇතුළත් වුණා. අපේ කාර්ය භාරය වුණේ කඳවුර ගැන තොරතුරු සෙවීම පමණයි. පහර දීම අපේ කාර්යයක් නෙවෙයි. නමුත් හදිසි ප්‍රහාරයකට ලක්වුණොත් ඒකෙන් ගැලවී එන්න අවශ්‍ය ආයුධ ප්‍රමාණයක් අපි අරන් යනවා. මේ කැලෑවේ තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි වතුර නැතිකම. ඒ නිසා අපිට අතේ අරන් යා හැකි වතුර ප්‍රමාණයක් භාවිතා කර ගිහින් එන්න පුළුවන් උපරිම දුරක් තමයි යන්න පුළුවන්. ඊට පස්සේ හැරිලා එන්න වෙනවා. ඒ නිසා මේ ගමනක් දිනක් දෙකක් වැනි කෙටි කාලයකට සීමා වෙනවා. නමුත් ඒ කාලය තුළ අපි හොඳ තොරතුරක් ලබාගන්නත් ඕනැ. ඒ නිසා ඉතාමත් සැලසුම් සහගතව ඉලක්කය කරා ගමන් කිරීම වැදගත් වෙනවා. 


මේ ගමන අපි ගියේ තොරතුරුකරුවන් දෙන්නෙකුත් එක්ක. එක්කෙනෙක් ඊපීඩීපී එකේ හිටපු කෙනෙක්. අනෙක් කෙනා එල්ටීටිඊයේ හිටපු කෙනෙක්. අපි ගියේ ජනකපුර ඉඳලා. මේ කැලෑවේ ඇතුළට යද්දි අදාළ තැනට යන්නේ කොහොමද කියලා හොයා ගන්න එක අසීරු කටයුත්තක්. ඒකට මම කලින් කිව්වා වගේ කැලෑවේ ස්වභාවය වගේම පාරවල් වැටි තිබෙන ආකාරය දැක්වෙන සිතියම් කිසිවක් නැහැ. ඒ නිසා අපි පළමු වරට ඒ කැලෑවේ පාරවල් සිතියම් ගත කළා. මේ කැලෑවේ නෙදුන්කේනිවල ඉඳලා කොක්කුතුඩුවාවලට යන්න තිබෙන පාරට කියන්නේ ‘අරි පාර’ කියලා. කොහෙන් ආවත් මේ පාර හරහා තමයි යන්න වෙන්නේ. අපිටත් මේ පාර හරහා තමයි ත්‍රස්තවාදීන්ගේ ‘වන් ෆෝ බේස්’ එකට යන්න සිදුවුණේ. අපි ගියේ මුල් මෙහෙයුමේදි අපිට ලැබුණ නයෙක් ඉන්න ස්කාෆ් එක හිසේ බැඳගෙන. 


අපි මුලින් සකස් කරගත් සිතියම අනුව මේ ගමන ගියා. එහෙම ගිහින් ‘අරි පාර’ හම්බ වුණාට පස්සේ අපි සිතියමත් බිම තියාගෙන එතනින් එහාට කොහාටද කියලා සොයා බැලුවා. අපි බිම බලාගෙන ඉන්න අතරේ ත්‍රස්තවාදියෙක් ඒ පැත්තට ඇවිත්. සතුරා අපි ළඟටම ඇවිත් කියලා අපි දැක්කේ නැහැ. අපේ හැමෝම බිම බලාගෙන හිටපු එක දුර්වලකමක් කියලා තේරෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. සතුරා තවත් කීප දෙනෙක් එතනට කැඳවගෙන. පහර දුන්නා. එතන ගැටුමක් ඇති වුණා. ඒකෙන් උන්ට වගේම අපේ අයටත් හානියක් වුණා. එතනින් ඒ ගමන කෙළවර කරලා බොහොම අමාරුවෙන් බේරිලා ආවා. 

 


ඔය අතරේ මට මැලේරියාව හැදිලා රෝහල් ගත කළා. පළමු ප්‍රහාරයෙන් පස්සේ නැවතත් අපේ කණ්ඩායමක් කැලෑවට ඇතුල් වුණා. ඒ වෙනකොට ත්‍රස්තවාදීන්ගේ අවධානය යොමු වෙලා තිබුණා අපි ඔවුන්ගේ කඳවුර ගැන ඉව අල්ලනවා කියලා. ඒ නිසා එයාලගේ ආරක්ෂක බළඇණි තරකර තිබුණා. මම මුලිනුත් කිව්වා වගේ මේක හරිම ඝන කැලෑවක්. අපි ගස් අස්සෙන් රිංගලා ඇතුළට ගිහින් ටික දුරකදී ඔළුව උස්සලා බලනවා. වැඩි වෙලා ඔලුව උස්සගෙන කෙළින් යන්නේ නැහැ. කොහොම හරි එක වෙලාවකදී අපි මේ විදිහට බිමට පහත් වෙලා ගිහින් උඩට ඉස්සෙනකොට අපේ එක්කෙනෙකුගේ ඔලුව ගිහින් තිබුණේ දෙබර කූඩයක් අස්සට. දෙබරු අනින්න පටන් ගැනීම නිසා පිරිසට ඉබේම කෑ ගැස්සෙනවානේ. හයියෙන් කෑ ගැහුවේ නැතත් කෙඳිරියක් තරමට හරි හඬක් ඇසෙන එක මේ වගේ තැනකදී ගැටලුවක්. ඉතිං ඒ නිසා එදා මේ සිදුවීමෙන් සතුරා දැන ගත්තා අපි කැලෑවට රිංගලා කියලා. අපේ අය කළු ස්කාෆ් එක හිසේ බැඳගෙනනේ ගියේ. ඉතිං කැලෑවකදි ඒක හොඳට කැපිලා පේනවා. අපිට අපේ අය අඳුන ගන්න ඒක ලකුණක් වගේම සතුරටත් ඒක හොඳ ලකුණක්. ඉතිං ඒ ගොල්ලෝ හඬ ඇසුණ පැත්තට ඇවිත් පරීක්ෂා කරද්දී අපේ අයව දකිනවා. ස්කාෆ් එක නිසා එයාලට අපේ අය සොයා ගැනීම පහසු වුණා. උන් අපේ අයට වෙඩි තිබ්බා. ඒ හැම වෙඩි පහරක්ම තියලා තිබුණේ අපේ අයගේ හිසටමයි. 

 

ඔය අතරේ මට මැලේරියාව හැදිලා රෝහල් ගත කළා. පළමු ප්‍රහාරයෙන් පස්සේ නැවතත් අපේ කණ්ඩායමක් කැලෑවට ඇතුළු වුණා. ඒ වෙනකොට ත්‍රස්තවාදීන්ගේ අවධානය යොමු වෙලා තිබුණා අපි ඔවුන්ගේ කඳවුර ගැන ඉව අල්ලනවා කියලා. ඒ නිසා එයාලගේ ආරක්ෂක බළඇණි තරකර තිබුණා. මම මුලිනුත් කිව්වා වගේ මේක හරිම ඝන කැලෑවක්. අපි ගස් අස්සෙන් රිංගලා ඇතුළට ගිහින් ටික දුරකදී ඔළුව උස්සලා බලනවා. වැඩි වෙලා ඔලුව උස්සගෙන කෙළින් යන්නේ නැහැ. කොහොම හරි එක වෙලාවකදී අපි මේ විදිහට බිමට පහත් වෙලා ගිහින් උඩට ඉස්සෙනකොට අපේ එක්කෙනෙකුගේ ඔළුව ගිහින් තිබුණේ දෙබර කූඩයක් අස්සට.


එතනදී අපේ මේජර් ජානක ෆොන්සේකාගේ ජීවිතේ නැති වුණා. විශේෂ බළකායට නායකත්වය දුන් කර්නල් හෙට්ටිආරච්චිට තුවාල වුණා. ඔහු විශ්‍රාම ගියේ ජෙනරල් වෙලා. එතනින් පස්සේ විශේෂ බළකායට නායකත්වය දුන්නේ කර්නල් පර්සි ප්‍රනාන්දු. ඒ වුණත් අපිත් එක්ක මෙහෙයුමට සම්බන්ධ වුණේ ඔහුගේ දෙවැනියා වූ මේජර් ශ්‍රීනාත් රාජපක්ෂයි. අපි මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කළ සමාලෝචනයකින් පස්සේ තමයි අපේ ස්කාෆ් එක් ගැන අවධානය යොමු වුණේ. ඒ නිසා එතනින් පස්සේ අපි ඒ ස්කාෆ් එක හිසේ පැලැන්ඳුවේ නැහැ. ඒ වෙනුවට අපි ඒක කරට දැම්මා. අපේ දෙවැනි උත්සාහයත් ඒ විදිහට අසාර්ථක වුණා. 


මේ සිදුවීම ආරංචි වුණාට පස්සේ මම රෝහලේ හිටියේ නැහැ. බලෙන් ටිකට් කපාගෙන ආපහු මෙහෙයුමට සම්බන්ධ වුණා. මොන තරම් භයානක වුණත් අපේ තෙවැනි මෙහෙයුමත් ක්‍රියාත්මක කළා. ඒ වතාවේ අපි සතුරාගේ කඳවුර කිට්ටුවටම ගියා. කඳවුර තිබුණේ කැලෑව මැද තිබුණ වැවක් ආසන්නයේ. ඒ වැවට කිව්වේ නිත්‍යකායිකුලම් කියලයි. වැව ළගට ගියාම අපි සෘජුවම සතුරාට නිරාවරණය වෙනවා. ඒ නිසා අපි වැව ආසන්නයට ගිහින් සෝදිසි කරලා බැලුවා. කොහොම හරි අපිව සතුරාට නිරාවරණය වුණා. උන් අපිට ගහන්න පටන් ගත්තා. මගේ කකුළක වළලුකරට වෙඩි වැදුනා. මට ඇවිද ගන්න බැහැ. මම කලින් කිව්වා වගේ මේ කැලෑවේ තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි වතුර නැතිකම. මට වතුර ඕන. ඒත් වතුර නැහැ. අපේ අය සතුරාගේ ප්‍රහාරය නැවතෙන තෙක් ටිකක් වෙලා හැංගිලා බලා හිටියා. එහෙම ඉඳලා මාත් එක්ක හිටපු සගයෝ දෙන්නා මාව උස්සන් වැවට බැස්සා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කෝප්‍රල් සාලිය පෙරේරා. ඒ කාලේ මම අධිකාරි නොලත් කෝප්‍රල් කෙනෙක්. අනෙක් කෙනාට අපි ආදරේට කිව්වේ බෝලේ කියලා. 
වැවේ වතුර ගොඩක් තිබුණෙත් නැහැ. එක පැත්තක ටිකක් තිබුණා. ඒවත් බොන්න පුලුවන් මට්ටමක තිබුණේ නැහැ. නමුත් අපි නැතිකමට එතනට බැස්සා. මේ දෙන්නා මාව අරන් ගිහින් මට වතුර පොවලා එයාලා දෙන්නත් වතුර බොන්න බැස්සා. ඒ වෙලාවේ විශාල ප්‍රහාරයක් එල්ල වුණා. වැවේ වතුර ටිකක් දෙබෑ වෙලා හතර අතේ විහිදුනා. වැවේ පතුළ පෑදුණ තැන් මේ ප්‍රහාරයෙන් හෑරිලා ගියා. මගේ සගයෝ දෙන්නා මොන තරම් අවදානමක් තිබුණත් එයාලගේ ජීවිතේ බේරගෙන පැනලා යනවා වෙනුවට මාවත් අරගෙනම අර ප්‍රහාර මැද්දේ පැනලා ආවා. ඔවුන් සැතපුම් පහළොවක් විස්සක් විතර මාරුවෙන් මාරුවට මාවත් කරේ තියාගෙන සතුරන්ගෙනුත් බේරිලා ආපහු අපේ කඳවුරට ආවා. මාව බිමින් තියලා සාලිය කිව්වා ‘මචං අපි උඹව කොහොම හරි ආපහු ගෙනාවා’ කියලා. 


එදා අපිට පහුබහින්න සිදුවුණත් ඒ වෙනකොට අපි ත්‍රස්තවාදින්ගේ ‘වන්ෆෝ බේස්’ එක ගැන විස්තර හොයාගෙන තිබුණා.. ඒක ඒ ප්‍රදේශයට තිබුණ ලොකුම කඳවුර. ඒ වගේම මේ කඳවුරේ ආරක්ෂාවට සැටලයිට් කෑම්ප් දාහතරක් තිබුණා. මේ සියලු විස්තර සමග අපේ සිව්වැනි මෙහෙයුම ක්‍රියාත්මක කළා. මුලින් අපි ගියේ ඔත්තු බලන්න.. තොරතුරු රැස් කරන්න. ඒ සඳහා ගියේ ‘ඩෙල්ටා පැට්‍රල්’ එකේ රෙකි කණ්ඩායම. දැන් හතරවැනි මෙහෙයුම වුණේ සොයාගත් තොරතුරු අනුව සෘජුව පහර දීම. ඒකට ගියේ අපේ ෆයිටින් පැට්‍රල් එක. මේ මෙහෙයුම නම් කළේ ‘අකුණු පහර’ කියලා. අපි තොරතුරු බලන්න කැලෑවට ගියේ ජනකපුරයෙන්. ඒ මෙහෙයුමේ විශේෂ බළකායේ වගකීම දැරුවේ කර්නල් හෙට්ටිආරච්චි ජෙනරල් පර්සි ප්‍රනාන්දු සහ මේජර් ශ්‍රීනාත්. 

 


මෙතනදී සිදුවුණේ බැකෝ යන්ත්‍ර ආදිය යොදා ගනිමින් පාර සුද්ද කරගෙන යුද්ධයකදි භාවිතා කරන සියලු අවි හා වාහන යොදා ගනිමින් කරන ප්‍රහාරයක්. ඒක අර වගේ සද්ද නැතුව ගිහින් කරන ප්‍රහාරයක් නෙවෙයි. සතුරාට පේන්නම ලොකු බළඇණියක් සමග ගිහින් එල්ල කරන ප්‍රහාරයක්. මේකට යන්නේ සම්පූර්ණයෙන්ම කඳවුර සුද්ද කරලා දාලම එන්න බලාගෙන තමයි. ඉතිං ඒක සිදුවෙනකොට මම කකුළේ තුවාලේ නිසා රෝහල් ගත කරලා. එදා අපේ අය ජීවිතයත් මරණයත් අතර විශාල සටනක් කරලා සතුරාගේ කඳවුර සම්පූර්ණයෙන්ම ඉවර කළා. 

 

 

සටහන
මුදිතා දයානන්ද සහ
ඉන්දිකා රාමනායක