ගුවන් හමුදාවේ තොටිල්ලට යමු


 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොටිල්ල ලෙස හඳුන්වන දියතලාව සටන් පුහුණු පාසල කඳු හෙල් ශිඛරවලින් සුසැදි අපූරු කඳුවුරු බිමකි.
ඌව පළාත් මධ්‍යම කඳුකරයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දියතලාව ග්‍රාමය මුහුදු මට්ටමේ සිට මීටර් 1,499 (අඩි 4,918) ක උසකින් පිහිටා ඇති කුඩා නගරයකි.


දියතලාව ශ්‍රී ලංකා හමුදාවන්ගේ ප්‍රධාන නිවහනක් වන අතර, ඒ අපූරු කුඩා නගර ඉතිහාසය දෙස බැලූ කල 1885 දී බ්‍රිතාන්‍ය හමුදාව ප්‍රථම වරට දියතලාවෙහි හමුදා කඳවුරක් පිහිටුවූ බවට සාක්ෂි ඇත.


තවද පළමු ලෝක සංග්‍රාමයේ දී ඊට අදාළ බෝයර් යුධ සිරකරුවන් රඳවා තැබීම සඳහා බ්‍රිතාන්‍ය හමුදාව විසින් 1900 අගෝස්තු 8 වන දින දියතලාවෙහි ගාල් කඳවුරක් පිහිටුවා ඇති බවට සාක්ෂි ඇති අතර අතීතයේ දියතලාව බැරැක්ක නගරය ලෙස හඳුන්වා ඇත්තේ මේ නිසා ය.
බැලූ බැල්මට සුන්දරත්වයෙන් සැරසීගත්ත ද කඳු ශිඛර මැදින් යනෙන ගමන විටෙක සිහිලෙන් සනහනවා මෙන්ම තවත් විටෙක විඩා ගෙන දෙන්නේය.
හරිත කඳුකරයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන එම භූමියේ සුදු ජාතිකයන් විසින් හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේ ඇයි?  එහි ඇති හමුදා පුහුණුවකට හිතකර වූ අතීත පුරාවෘතය හා බැඳුණු වටිනාකම් මොනවා ද යන ප්‍රශ්නයන්ට පිළිතුරු සොයා ඉරිදා ලංකාදීප අපි එහි ගියෙමු.
දියතලාව හමුදා පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් වූයේ කවදාදැයි නිශ්චිතව නොදන්නා නමුත් පවතින වාර්තා අනුව එය තෝරාගෙන ඇත්තේ 1885 දී පමණ බ්‍රිතාන්‍ය හමුදාව දියතලාවේ දී ආරක්ෂක බළකොටුවක් පිහිටුවන විටය. 


ගුවන් හමුදාවේ තොටිල්ල ලෙස හඳුන්වන කඳවුරේ අතීත කතාව දෙස අවධානය යොමු කිරීමේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ අපට දායාද වූ රටක් තුළ වූ රාජ්‍යක් ලෙස ගොඩනැඟුණු තේ වතු, යකඩ යකා, ට්‍රෑම් කාර්, ඩක්කු, බැලට්ස් දුම්රියන්, දියුණු මංමාවත් මෙන්ම සුදු අධිරාජ්‍ය හා බැඳුණු අතීතයෙන් ඇරඹි දියතලාව ගුවන් හමුදා කඳවුර අද රටට ගුවන් විරුවන් බිහි කරන වටිනා සම්පත් පියසකි. 
ශ්‍රී ලංකාව 1948 දී නිදහස ගැනීමෙන් අනතුරුව 1950 ගණන්වල මැද භාගයේ දී බ්‍රිතාන්‍ය හමුදා සතු පහසුකම් සියල්ල ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෙත මාරු කරනු ලැබූ බව අතීත තොරතුරුවල සඳහන්ව ඇත.
දියතලාව ගුවන්හමුදා කඳවුරේ තොරතුරු රැසක් අසා දැනගැනුමට අප දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි  ගුවන් කොමදෝරු වජිර සේනාධීර මහතා සම්බන්ධකොට ගත්තෙමු. 


“දියතලාව පිහිටි මෙම ගුවන් හමුදා සටන් පුහුණු පාසල වසර 71 ඉතිහාසයක් ඇති ස්ථානයක්. මෙහි ආරම්භය 1952 වර්ෂයේ දහවැනි මාසේ පහළොස් වැනිදා තමයි සිදුවෙලා තියෙන්නේ. ගෙවුණ වසර හැත්තෑ එක පුරාවට විවිධ නම්වලින් මෙය හඳුන්වනු ලැබ තිබෙනවා.
මුලින්ම මෙය Royal Ceylon Air Force Stable Hills Camp ලෙස හැඳින්වූවා. එම නම වර්ෂ 1952 සිට වර්ෂ 1971 දක්වා පාවිච්චි කළා. ඉන්පස්සෙ ශ්‍රී ලංකාව 1972 ජනරජයක් වුණාට පසුව ඒ නම වෙනස් වුණා Ground Combat Recruit Training Unit ලෙස. 1971 වර්ෂයේ සිට 1991 වර්ෂය දක්වා භාවිතයේ තිබූ ඒ නම ගුවන් හමුදාවේ යම් යම් වෙනස්වීම් සිදුවීමත් සමග ගුවන් හමුදා මූලික කඳවුරු සහ සටන් පුහුණු පාසල්වල වෙනස්වීම් රැසක් සිදුවුණා. ඒ අනුව 1991 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුර ලෙස (Sri Lanka Air Force Station Diyathalawa) ලෙස මෙය හැඳින්වූවා.

 

පළමු ගුවන් කණ්ඩායම හාවඩ් මහතාද සීටී


එතැන් පටන් 2013 වර්ෂය වනතුරුම භාවිතයේ තිබුණේ ඒ නම 2013 වර්ෂයේ සියලු‍ පුහුණු පාසල් සම්මතකරණයකට ලක්කළා සම්මත කරණයේ දී මෙම කඳවුර හැඳින්වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල (Sri Lanka Air Force Combat Training School) කියලා. එය තමයි මේ වෙනකොටත් භාවිතයේ ඇති නම.”
“ගුවන් හමුදාවට බැඳෙන ඕනෑම සිවිල් පුද්ගලයෙකු සඳහා අවශ්‍ය කරන මූලික සටන් පුහුණුව මෙහිදී ලබාදී ඔහු විනයගරුක නායකත්වයෙන් හෙබි දක්ෂ පරිණත සටන්කරුවෙකු බවට පත්කරනවා.


එහිදී ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමේ දී අවශ්‍ය කරන ශක්‍යතාව, විනය සටන් පුහුණුව පමණක් නොවේ. ඔවුන්ට අවශ්‍ය කඳුකර ගුවන් පුහුණුවේ සිට කඳුකර මුදා ගැනීමේ පුහුණු කටයුතු අශ්වාරෝහක කටයුතු සඳහා ද විශේෂ පුහුණුවක් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තියෙනවා.
උදාහරණයක් විදියට කඳුකර ප්‍රදේශවල ඇති වන හදිසි තත්ත්වයන් වන නායයෑම්, කැලෑ ගිනි තැබීම් වැනි ආපදා තත්ත්වයන් හිදී එය පාලනය කිරීම සඳහා අප මෙම කඳවුරේ සිට ආපදාවට ලක් වූ ප්‍රදේශයන් වෙත ගුවන් මෙහෙයුම් සිදු කරනවා. 
මෙම භූමිය බ්‍රිතාන්‍ය හමුදාවන් සිය අශ්වාරෝහක කටයුතු කළ සලකුණු සහිත ස්ථානත් දැකගත හැකියි. මේ වනවිට පකිස්ථානයෙන් ත්‍යාග ලෙස ලැබුණු ශක්තිමත් අශ්වයින් මෙහි වාසය කරනවා. ඔවුන් විශේෂ උත්සව සහ පුහුණු කටයුතු සඳහාත් යොදාගනු ලබනවා. ඇත්තටම දියතලාව මෙම කඳවුර බොහොමයක් ගුවන් හමුදා නිලධාරින්ගේ පළමු පියවර තැබූ නිවහනයි.”


ඒ වගේ දුෂ්කර කඳුහෙල් සහිත බිමක් සුද්දන් විසින් හමුදා පුහුණු බිමක් බවට පත්කර ගත්තේ ඇයි යන කාරණය විමසීමට අපි ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාවේ අණ දෙන පුහුණු නිලධාරි වින්ග් කමාන්ඩර් මංජුල වික්‍රම ආරච්චි මහතාව සම්බන්ධකොට ගත්තෙමු.
 “මෙම කඳවුරේ ඇති ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී  මෙම කඳවුර භූමිය සිරකරුවන් 2500ක් සහ මුරකරුවන් 1000ක් සහිත කාර්ය මණ්ඩලයක් සඳහා ඉදිකරනු ලැබූ අතර එය සිරකරුවන් සංඛ්‍යාව 5000 දක්වා නවාතැන් සපයා තිබෙනවා. 
සුදු ජාතිකයන්ගේ Royal Army විසින් මෙම පරිසරය පුහුණුවට සුදුසුයි ඕනෑම ක්‍රියාකාරකමකට සුදුසුයි කියල තීරණය කිරීමත් සමග Royal Ceylon Air Force එකත් මෙහි ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබුවා.”

 


“1952 ඇරඹි මෙම කඳවුර 1859න් පසුව රාජකීය ගුවන් හමුදාව විසින් වැඩිදියුණු කරනු ලැබ තිබෙනවා. සුදු ජාතිකයන් මෙම බිම කඳුකර බිමක් කිරීමට පෙර මෙහි ඇති උපායමාර්ගික බව ගැන කියවෙන දියතලාවේ කඳු වැටි ඇතුළු විෂ්මයජනක භූමි සැලැස්ම ගැන වැඩි අවධානයක් යොමුකොට තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.
 ඒ වගේම ඔවුන් මෙහි පවතින ශීත දේශගුණික තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කොට තිබෙන බව පෙවෙනවා. ශීත දේශගුණික තත්ත්ව යටතේ පුහුණුව ලබන නිලධාරියෙකුට ඕනෑම පරිසර තත්ත්වයක ඇති ප්‍රදේශයක රාජකාරි කිරීමට හැකියාව පවතිනවා.
 හමුදා නිලධාරියෙකුට ලැබෙන කර්කශම පුහුණුව ලැබිය හැක්කේ ශීත දේශගුණය තුළයි. මෙවැනි පරිසරයක දී නිලධාරියෙකුට ඇදුම, ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතා කඳු නැගීමේ දී ඇති වන වෙහෙසකර බව නිසා එම පුහුණුව දුෂ්කරයි. නමුත් එම දුෂ්කරතාව මැදින් පුහුණු වීම ඔහුට උෂ්ණ දේශගුණික කලාපයක ඉතා පහසුවෙන් කටයුතු කිරීමට හැකියාව සලසනවා.


 එමෙන්ම විදේශ රටක පවා සිය සේවාව නිසියාකාරයෙන් ඉටුකිරීමට සීත දේශගුණයක දී පුහුණුව ලැබූවකුට හැකියාව පවතිනවා. ඒ සියල්ල අවධානයට ලක් කිරීමේ දී සුදු ජාතිකයන් විසින් මෙම දියතලාව හමුදා පුහුණු කඳවුර භූමිය හමුදා පුහුණු පාසල ඇති කිරීමට ගත් පියවර ඉතා වටිනා තීරණයක් ලෙස පෙවෙනවා.”
“භූමි සටන් පුහුණුව සඳහා වැදගත්කම වන නිම්න, මිටියාවත්, කඳු සහ ජල මාර්ග. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සටන් පුහුණු පාසල (CTS) තුළ දැකගත හැකියි.
හමුදාව 1900 දී දකුණු අප්‍රිකාවේ ලන්දේසීන් සමඟ සටන් කර තිබෙන බව කියන මෙම බිම බෝයර් යුද්ධයේ දී යුද කඳවුරේ සිරකරුවන් සඳහා භාවිත කර තිබෙනවා. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් රිජ්වේ මහතාගේ උපදෙස් පරිදි එය සිදුවී තිබෙනවා. 
බ්‍රිතාන්‍ය යුද හමුදාව විසින් මෙම ප්‍රදේශය මැන බලා ඇති අතර ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට (PWD) එය ඉදිකිරීමේ වගකීම පැවරී තිබෙනවා. පසුව, රාජකීය හමුදාව දෙවන ලෝක සංග්‍රාමය පැවති සමයේ දී කඳවුර දිගු කර තිබෙනවා. ඒ අනුව රාජකීය ලංකා ගුවන් හමුදාව (RCYAF) 1952 ඔක්තෝබර් 15 වන දින කඳුකරයේ ස්ථාවර කඳවුරක් ලෙස මෙය පිහිටුවන ලැබ තිබෙනවා.


1952 මැයි, රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු ලංකා බඳවාගැනීම් ආරම්භ වී ඇති බව අතීත තොරතුරුවල සඳහන්. එහි පළමු නිලධාරියා ලෙස ෆ්ලයිට් ලෙෆ්ටිනන් JVP හාවර්ඩ් (RAF) මහතා සැලකෙනවා.

 


මුල් කාලයේ පුහුණුව සරඹ කිරීමට පමණක් සීමාවී තිබෙනවා.
යෝග්‍යතාව සහ ආයුධ හැසිරවීම. බඳවා ගැනීම් ආවරණය කිරීම සඳහා රට හරහා සිතියම් කරණය සහ පාගමන පවත්වන ලද අතර ගුරුතලාව, වැලිමඩ සහ කළු තටාකය, සමහර විට අඹේවෙල දුම්රිය ස්ථානය දක්වා ගමන් කර තිබෙනවා.”
“උපදේශ. නිලධාරි බඳවා ගැනීම් කාණ්ඩ තුනකින් සමන්විත විය. ඒ සෘජු ඇතුළුවීම, කැඩෙට් ප්‍රවේශය සහ වෘත්තීය වශයෙනි. නිලධාරි කැඩෙට් පාඨමාලාව 1953 පෙබරවාරි 19 දින ආරම්භ වුණත් පසුව එම පුහුණු අංශය ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. 


මෙම පුහුණු පාසලට 2018 අප්‍රේල් 2 වන දින  ජනාධිපති වර්ණයක් ප්‍රදානය කර තිබෙනවා. ශාරීරික අභ්‍යාස උපදේශකයින් සඳහා උසස් පාඨමාලා, තුවක්කු උපදේශක පාඨමාලාව, උපදේශකයින් සඳහා PT උසස් පාඨමාලාව, රෙජිමේන්තු නිලධාරීන් පාඨමාලාව සහ මූලික තොරතුරු තාක්ෂණ පාඨමාලාව මෙහි තිබෙනවා.
ඒ වගේම මෙහි පුහුණු වීම් බළගණ හතරක් යටතේ පවත්වනු ලබනවා - කෙඩෙට් නිලධාරී පුහුණු බළගණය, උසස් පුහුණු බලඝණය, නිලධාරී ශිෂ්‍යභට පුහුණු බළගණය සහ බඳවා ගැනීමේ පුහුණු බළගණය. 


අක්කර 90කින් යුත් මෙම පුහුණු සංකීර්ණයේ නවාතැන් ඒකක බිලට් ලෙස හැඳින්වෙනවා. පුස්තකාලය සහ පිහිනුම් තටාකය. වෙඩි තැබීමේ පරාසයක් සියලු‍ම නිලධාරීන්ට සහ අනෙකුත් නිලයන්ට නිවැරදිව වෙඩි තැබීමට පුහුණුකරනවා.


මෙම භටයන් දවස අරඹන්නේ උදෑසන 4ට. උදෑසන ශාරීරික ව්‍යායාම සඳහා උදේ 5ට රැස් වෙයි. පුහුණුවීම් රාත්‍රි 10 පැයට අවසන්. 
මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන අතර අපගේ ආදර්ශ පාඨය වන්නේ “පුහුණුවෙන් රණ විනය.”
විශේෂ ස්තුතිය ගුවන් හමුදා මාධ්‍ය අංශයට

 

 

■ රේඛා තරංගනී 
ෆොන්සේකා