මාළු වෙළෙන්දා දිරච්ච ගහට යට වී මරුට


(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ඇත්කදුර - ගුරුසිංහගොඩ මාර්ගයේ දෙල්ගහවලකඩ ප්‍රදේශයේදී  දිරාපත්ව තිබූ ගසක් කඩා වැටීමෙන්  යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඇත්කදුර සෙන්ටරිවත්ත ලිපිනයේ පදිංචි වතුදුර ගාමිණී නැමති 49 හැවිරිදි විවාහකයෙකි.මියගිය පුද්ගලයා මාළු වෙළෙන්දකු බවද පොලිසිය කියයි.

වැසි සහිත අයහපත් කාලගුණය නිසා මාර්ගය අසලවූ දිරාපත්ව තිබූ ගස අද  දහවල් 12.00 ට පමණ මාර්ගයට කඩාවැටී ඇති අතර ඉන් එම අවස්ථාවේ යතුරු පැදියෙන් මෙම මාර්ගයේ ගමන් ක‍රමින් සිටි මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා  ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මීට සුළුවේලාවකට පෙර මියගිය බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

මේ වනවිට එම ගසේ කොටස් ඉවත්කර මාර්ගය යථා තත්ත්වයට පත්කර ඇති බවද පොලිසිය පවසයි.