(සඳනුවන් කීර්ති)
අක්මීමන පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් දින දෙකේ සිදු කළ වැටලීම්වලින් හෙරෝයින්, අයිස් ගංජා යන මත්දාව්‍ය හා මුදල් සමඟ සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්දාව්‍ය ග්‍රෑම් 120 ක් හොරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 200 යක් ගංජා පැකට් 40 හා මුදල් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් මෙම මත්දාව්‍ය බෙදා හැරීමට යොදා ගත් ත්‍රීවිල් රථයක් හා යතුරු පැදි තුනක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස 25 ත් 45 ත් යන වයස් වල පසුවන ඇටඹගස්මුල්ල හියාරේ අමල්ගම කුරුදුවත්ත මානවිල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවත් ඒ අතර හිටපු හමුදා සාමාජිකයකුද සිටින බව වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
එ