(විමුක්ති එස් රුද්‍රිගු)
නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් රාගම වල්පොල පවත්වාගෙන ගිය මහා පරිමාණ සුදුපොලක් වටලා එහි සුදු කෙළමින් සිටි හය දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි .
එහිදී රුපියල් 8500 ක මුදලක් ද එම හයදෙන පැමිණි යතුරැ පැදි හය ද පොලිස් භාරයට ගෙන ඇත
නීරෝධායන ඇදිරි නීතිය කඩ කිරීම, නීරෝධායන නීති උල්ලංඝනය කිරීම, මුදලට සූදු කෙලීම යන චෝදනා ගොනු කොට සැකකරැවන් හය දෙනාට චෝදනා ගොනු කරන බව රාගම පොලිසිය පවසයි .
ලැබුණු තොරතුරකට අනුව 22 දින රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල බුද්ධික රාජපක්ෂ, උපපොලිස් පරීක්ෂක යු.ඩී. අබේරත්න, උපපොලිස් පරීක්ෂක වයි.බී. රාජකරැණා, පොලිස් සැරයන්වරුන් වන 27096 උපනන්ද,64769 රත්නසිරි , පොලිස් කොස්තාපල්වරුන් වන 68977 පෙරේරා 9574 සදුන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කල බව රාගම පොලිසිය පවසයි .